
(නිමල් ප්‍රේමචන්ද්‍ර)
ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමෙන් පසු ලබාගත් පළමු වැටුපෙන් නිකවැරැටිය අවුලේගම සංඝබෝධි මැදි විදුහලේ ගුරුවරු දරුවන්ට අයිස් පලම් දන්සලක් දුන්හ.
ගුරු - විදුහල්පති වෘත්තීය සමිති කළ දැවැන්ත වර්ජනයක ප්‍රතිඵලයක් ලෙස වැඩි වූ වැටුපින් කොටසක් මෙම මස සිට ගුරුවරුන්ට සහ විදුහලුපතිවරුන්ට ලබා දීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
එසේ වැටුප් ලැබීමේ සතුටට ගුරුවරුන් එසේ අයිස් පලම් ලබා දී ඇත.


COMMENTS
කැරට් ටිකක් දුන්නොත් නරකද? මොකද දරුවන් අතකොලුවක් කරන් තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න එක සාධාරණීකරණය කරන්න පුළුවන්නේ... කොහොමද රටේ හමුදාවත්... ඔහොම හිතුවොත්...? අපේ වැටුප් විෂමතා ඉවත් කරන කල් අපි වැඩ කරන්නේ නැහැ කියලා...
ළමයින්ට අයිස්පලම් දීලා හරියන්නේ නැහැ. දැන්වත් ටියුෂන් නොයවා දරුවන්ට උගන්වන්න. නැත්නම් ඉතින් ජනතා මුදලින් කාලා බීලාම හරියන්නේ නැහැ. ඒ ගමන්ම තම තමන්ගේ තනතුර, උපගුරු කියා නොකියන්න...
ළමයින්ට කරපු පාඩුවට සමාව ගන්නත් එක්ක වෙන්නැති... අනිත් අයත් මොන මොනවා හරි කරන්න...!
ඔය ගොල්ලෝ අයිස්පලම් කනවා... අපි බදුවලින් ඕවා ගෙවනවා...
වැඩේ නම් හොදයි. නමුත් වර්ජන කාල සීමාව තුළදී ළමයින්ට සිදුවූ ඉගෙනීමේ අපහසුතා මඟහරවා ගැනීම සඳහා හැකි උපරිමයෙන් පාසල් කාලය තුළදී සහ පාසල් වේලාවෙන් පසුව හෝ ඉගැන්වීමේ ක්‍රමවේදයක් සකසා දැන්වත් වැඩ කරන්න පටන් ගන්න. මුදල් අයකර නොවෙයි. මොකද ඔයාලගේ වර්ජන කාලයටත් වැටුපක් ලැබුවානේ... මේ තියන ආර්ථිකයත් එක්ක ළමයින්ව ටියුෂන් යවන්න තරම් හැකියාවක් බොහොමයක් දෙමව්පියන්ට නෑ...
දැන් තාම සල්ලිවලට ටියුෂන් කරනවාද එතකොට..?
එතකොට අර මාස ගණනාවක් ළමයි අමාරුවේ දැම්මා ස්ටාලින්ට... මොනවද? සියලු ගුරුවරුන්ගේ වැටුපෙන් කොමිස් දෙන්න වෙයි ජරාවක් විදිහට...!
මොනවා කලත් දරුවෝ ගැන බලන්නේ ගුරුවරු තමයි .ගුරුවරුන්ට මම නම් සදා කල් ගරු කරනවා
මට මේ ප්‍රතිචාර දකින කොට පුදුම හිතෙනවා. තමන් ආසකරන දේශපාලුවා කෝටි ගණන් මහජන මුදල් කොල්ල කනකොට සාධුකාර දෙන මිනිස්සු ගුරුවරුන්ගේ පඩිපතට හූල්ලනවා. මෙහෙව් රටකට මෙහෙම වෙන එක අරුමයක්ද?
රටේ ජීවන වියදමත් එක්ක බලන කොටත් ලොකු ලොක්කන්ගේ වැටුප් විෂමතා නිවැරැදි කරන එකත් සමග සසඳනවිට මේක අතිවිශාල වැඩිවීමක් ලෙස සලකන්න බැහැ...
ඉතාම හොඳ ක්‍රියාවක්... ගුරුවරුන් කියන්නේ දරුවන් ගැන හිතන ඔවුන්ගේ අවශ්‍යතා ගැන සොයාබලන පිරිසක් බව මෙයින් ඔප්පු වෙනවා..."!
ළමයි මොනතරම් සතුටු වෙන්න ඇද්ද? දුෂ්කර පාසැල්නේ...