

(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
වතුකම්කරුවන් සඳහා රුපියල් 1000 වැටුප් වැඩිකරන්නැයි ඉල්ලමින් අද(10) නුවරඑළිය තැපැල් කාර්යාලය ඉදිරිපිටදී කඳුරට ජනතා පෙරමුණ සහ කඳුරට කම්කරු පෙරමුණ ඒකාබද්ධව උද්ඝෝෂණයක නිරත වුහ.
අයවැය යෝජනා යටතේ මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනවාරි මාසයේ සිට වතු කම්කරුවන් සදහා රුපියල් 1000ක වැටුප් වැඩිකරන බව පොරොන්දු වුවත් මේ දක්වා එය ඉටු නොවු බව පවසමින් ඔවුහු විරෝධතාවයේ යෙදුණහ.
මෙම අවස්ථාවට කඳුරට ජනතා පෙරමුණේ නායක සමගි ජනබලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික්ක මන්ත්‍රි වී රාධ ක්‍රිෂ්ණන්, හිටපු පළාත් සභා මන්ත්‍රී ආර් රාජාරාම්, කඳුරට ජනතා පෙරමුණේ ලේකම් විජය චන්දරන් යන මහත්වරු සහ වතු කම්කරුවෝ එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම පාලකයෙක්ම එදා ඉඳන්ම කලේ අහිංසක ජනතාවට බලාපොරොත්තු රැසක් ඉදිරිපත් කර ඔවුන්ව රැවටීමයි. මොවුන්ගෙන් වෙනසක් බලාපොරොත්තු වූ ජනතාවට වුනේ කබලෙන් ලිපට වැටුණා වගේ වැඩක්. ඔලු ගෙඩි වෙනස් වුණාට සිස්ටම් එක වෙනස් වෙන්නේ නෑ. එදත්, අදත්, හෙටත් ජනතාව අසරණයි. පාලකයින් කරන්නේ ඔවුන්ව සූරාගෙන කන එකයි. පාලකයිනේ අමතක කරන්න එපා ඔබ කවදාහරි නෙලා ගන්නේ ඔබ වැපිරූ බීජවල අස්වැන්නම පමණක් බව..
වතුකරේ නායකයෝ දුන්න පොරොන්දු ඉටුකරන්න.
මීමුත්තගේ ඉදලා දැන් ඉන්න අය වෙනකන් කට්ටියම කෙරුවේ මේ කම්කරුවෝ පාවලා දෙන එක. ඒක දැන්වත් මේ අහිංසක මිනිස්සු තේරුම් ගන්න ඕන.
ලස්සනට ආණ්ඩුව නේද මේ පාරත් එහෙම කරන්නේ?
මොවුන්ගේ ඉල්ලීම සාදාරනයි.
යන්න තොන්ඩමන්ගේ ගෙදර, ගිහින් ඒක වටකරගෙන ඉලීම් ඉල්ලන්න.
ඇයි මේ ආණ්ඩුවේ කට්ටිය දන්නේ නැත්තේ...? මේ මිනිසුන්ගේ පඩිය රැපියල් 1000ක් දෙනවා කියලා නේද? ඉතින් ඇයි මේ?