(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රගණ්‍ය නර්තන ශිල්පිනියක වන ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට ඉන්දීය රජයෙන් පිරිනැමුණු “පද්ම ශ්‍රී සම්මානය” ඇයට පිළිගැන්වීම අරලියහහ මන්දිරයේ දී අද (17) සිදුකෙරිණි.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ.ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති චාම් උත්සවයකදීය.
ඉන්දීය රජය මගින් පිරිනමන ඉහළම සිවිල් ගෞරව සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානලාභීන්ගේ ලේඛනය වාර්ෂිකව එරට ජනරජ දිනයේදී ප්‍රකාශයට පත්කෙරේ.
2020 වසරේදී පද්ම ශ්‍රී සම්මානලාභීන් අතරට ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකුගේ නම් ඇතුළත් වූ අතර, කලා ක්ෂේත්‍රයට ඉටුකළ මෙහෙවර උදෙසා ආචාර්ය වජිරා චිත්‍රසේන සහ සාහිත්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබාදුන් දායකත්වය වෙනුවෙන් මහාචාර්ය ඉන්ද්‍රා දසනායක (නැසීගිය) යන මහත්මීහු එම සම්මානයට උරුමකම් කීහ.
මෙම සම්මාන ප්‍රදානය කිරීම ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා අතින් නවදිල්ලියේ පිහිටි රාෂ්ට්‍රපති භවන් හිදී ඉකුත් 08 වැනිදා සිදුකෙරුණු අතර මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙනුවෙන් ඇගේ දියණිය වන වත්සලා දසනායක ඉෂ්ටවීර මෙනවිය එහි ගොස් ඉන්දීය ජනාධිපතිවරයා අතින් “පද්ම ශ්‍රී සම්මානය “ලබාගත්තාය.
එම සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගීවීමට නොහැකි වූ වජිරා චිත්‍රසේන මහත්මියට හිමි සම්මානය මෙලෙස ප්‍රදානය කෙරිණි.
හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව මහතාද 2002 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වජිරා චිත්‍රසේනයන්ට පද්ම ශ්‍රී සම්මානය පිළිගැන්වේ
Royfedricks Thursday, 18 November 2021 04:51 AM
කිසියම් රටක් වෙනත් රටක පුරවැසියන්ට සම්මාන ගරු බුහුමන් දක්වන්න්නේ පිවිතුරු අරමුනකින් නොවේ. මෙතැනදී සිදුවේ ඇත්තේ ඉන්දියාවේ ප්‍රතිරූපය ඉහල නැන්වීමේ ක්‍රියාවකි. .මහින්ද රාපක්ශ සහභාගී වන්නේ තමන්ගේ ප්‍රතිරූපය ඉහල නන්වා ගැනීමටයි. චිත්‍රසේන සහ වජිරා. මේරටේ බුද්දිමතුන් විසූ යුගයේදි ඉතාමත් වෙහෙස දරා අගනා නිර්මාන කළ බොහෝ සිසු දරුවන් පුහුනු කල දෙදෙනෙකි. ඔවුන්ට ගරු බුහුමන් දැක්වීමට කෙනෙකුට සැබෑ අවශ්‍යතාවක් ඇත්නම් කල යුත්තේ නිර්මාණ කරුවන්ට හිතකර පරිසරයක් බිහිකිරීමයි. ඔවුන්ගේ නිර්මාණ රස විදීමට හැකි පරපුරක් බිහි කිරීමේ අරමුනෙන් අද්‍යාපන ක්‍රමය වෙනස් කිරීමයි. කිසිදු රජයක් මේ අද්‍යාපන ක්‍රමය වෙනස් නොකරන්නේ බහුතරය මොට්ටයන් වන තරමට නැවත නැවතත් තමන්ටත් තමන්ගේ පරපුරටත් පහසුවෙන් බලයට පැමිණිය හැකි හෙයෙනි.