ශ්රී ලංකාවේ විශාලතම පෞද්ගලික පුවත්පත් ප‍්‍රකාශකයා වන විජය පුවත්පත් සමාගම (WNL) Oracle Cloud භාවිතා කරමින් සිය මාර්ගගත (online) ප‍්‍රකාශන 25 හි වර්ධනය වෙමින් පවතින පාඨකයන්ගේ කියවීමේ අත්දැකීම ඉහළ නැංවීමට කටයුතු කර ඇත.
Oracle Cloud Infrastructure (OCI) භාවිතා කිරීම නිසා විජය පුවත්පත් සමාගමට Multimedia අන්තර්ගතයන් තම පරිශීලකයන්ට පෙරට වඩා සියයට 20 ක වේගයෙන් ලබා දීමට හැකි අතර මේ හරහා පද්ධතිය අඛණ්ඩවම පවත්වා ගනිමින් පිරිවැය සියයට 40 කින් ද අඩු කර ගැනීමට හැකියාව පවතී.
වසංගතය හේතුවෙන් සම්බන්ධතා රහිත ඩිජිටල් වේදිකා සඳහා ඉහළ ඉල්ලූමක් ඇති වූ අතර WNL ග‍්‍රාහකයන් බොහෝ සංඛ්‍යාවක් නවතම පුවත් දැනගැනීම සඳහා සිය ඩිජිටල් වේදිකා වෙත යොමුවන බව ඔවුන්ට දැකගත හැකි විය.
ජනතාවගේ නිරන්තර මාර්ගගත මාධ්‍ය භාවිතය අන්තර්ජාල වේගය පිරිහීමට හේතු විය. මෙම අන්තර්ගතයන් බෙදා හැරීම ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි දත්ත මධ්‍යස්ථානයකින් සිදු වූ අතර වෙබ් පරිශීලකයින් ඉහළ යාම හේතුවෙන් ලබා දෙන සේවාව අඩු වී එයින් ග‍්‍රාහකයාගේ online අත්දැකීමට බාධා එල්ල විය.
ව්‍යාපාරික අඛණ්ඩතාව සහතික කිරීම සඳහා Oracle Cloud Infrastructure සතු කාර්යසාධන හැකියාවන්, බිඳ වැටීමට ලක් නොවී මෙහෙයුම් අඛණ්ඩව පවත්වා ගැනීමේ ඉහළ හැකියාව සහ පිරිවැය අඩු කිරීමේ හැකියාව ආදිය සැලකිල්ලට ගනිමින් WNL OCI තෝරා ගත්තේය.
”ග‍්‍රාහකයින් සඳහා ගුණාත්මකභාවය සහ ප‍්‍රතිචාර දැක්වීම යන තීරණාත්මක සාධකය සැලකීමේදී online ප‍්‍රකාශන ක්ෂේත‍්‍රය තුළ විශාල තරඟයක් පවතී. නියමිත වේලාවට සහ ලාභදායීව අපගේ ගුණාත්මක අන්තර්ගතයන් ග‍්‍රාහකයින් වෙත ලබා දීමට අපට අවශ්‍යයි. අපගේ පැරණි Cloud provider වන AWS සහ Oracle අතර සිදුකළ පිරිවැය විශ්ලේෂණයෙන් මෙම දෙපාර්ෂවය අතර වෙනසක් ඇති බව පැහැදිලිවම අපට පෙනී ගියා. අවම කේත වෙනස් කිරීම් සහිතව අපගේ වෙබ් අඩවි 25, custom-built, අන්තර්ගත කළමනාකරණ පද්ධතිය සහ databases ඉක්මනින් වෙළෙඳපොළට නිකුත් කිරීමට Oracle හට හැකි වුනා.” යනුවෙන් විජය පුවත්පත් සමාගමේ තොරතුරු තාක්ෂණ සාමාන්‍ය අධිකාරී නවීන් ගුණරත්න මහතා පැවසුවේය.
මෙම මාරු වීම සම්පූර්ණ වීමෙන් පසු දස දහස් ගණන් ග‍්‍රාහකයින්ගේ පාඨක අවශ්‍යතා සැපයීමට WNL සමත් විය. ප‍්‍රමාද වීම සියයට 41 දක්වා අඩු කර ඇති හෙයින් පාරිභෝගිකයින්ගේ තෘප්තිය ද ඉහළ ගොස් ඇත. authoring, publishing සහ archiving content සඳහා WNL පද්ධතිය අවම වැරදි හා ප‍්‍රමාදයන් සහිතව කාර්යක්ෂම හා ඵලදායීව පවත්වා ගෙන යාම සඳහා ද OCI සහාය විය. එමඟින් සේවක ඵලදායිතාවය ද සැලකිය යුතු ලෙස ඉහළ නැංවුනු අතර WNL IT කණ්ඩායම තුළ සහයෝගීතාවය වැඩි කිරීමට ද සහාය වී ඇත. මෙමගින් IT කණ්ඩායම හට නඩත්තු කටයුතු කිරීම, database කළමනාකරණය හා තොරතුරු තාක්ෂණ යටිතලපහසුකම් අධීක්ෂණය කිරීම වැනි දෛනික මෙහෙයුම් කළමනාකරණය කිරීමට දැන් හැකියාව ඇත. මීට පෙර මෙම කාර්යයන් බාහිරින් සිදු කරගනු ලැබිණි.
අනෙකුත් සංවිධාන සමඟ මාධ්‍ය ආයතන ද වසංගතය හේතුවෙන් ඔවුන්ගේ සමස්ත ව්‍යාපාරික ආකෘතීන්වලට බාධා එල්ල වන බව සියැසින් දුටුවා. එවැනි අවස්ථාවක WNL සිය ව්‍යාපාරය සඳහා Cloud තාක්ෂණය සමඟ පරිවර්තනය වූ අතර එමගින් කැපී පෙනෙන වාසියක් අත්කර ගෙන තිබෙනවා. නවීකරණය, වඩාත් හොඳ පිරිවැය පාලනය සහ WNL සඳහා යටිතල පහසුකම් ඒකකයක අවශ්‍යතාවය ඉවත් කිරීම මගින් Oracle Cloud සිය පාඨකයින්ට වඩාත් හොඳ සේවයක් ලබා දීමේ අරමුණින් උපායමාර්ග කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා අවම වැරදි හා ප‍්‍රමාදයන් සහිත ක‍්‍රියාවලීන් ලබා දෙන අතර ඔවුන්ගේ කාලය සහ අරමුදල් ඒ වෙනුවෙන් නිදහස් කරනවා.’’ යනුවෙන් ඔරකල් හි ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා තාක්ෂණික අංශ ප‍්‍රධානී, (Head Of Technology - Sri Lanka & Maldives, Oracle) නලින් සිකුරාජපති මහතා පැවසුවේය.
Oracle PartnerNetwork (OPN) සාමාජිකයෙකු වන Lexicon Tech" මෙම ව්‍යාපෘතිය WNL සඳහා ක‍්‍රියාත්මක කළේය. 2021 මැයි මාසයේදී මෙම කොන්ත‍්‍රාත්තුව Lexicon සමාගමට පිරිනමන ලද අතර, කොන්ත‍්‍රාත්තුව ලබා දී දින 3 ක් ඇතුළත සාර්ථකව අදාල මරු වීම සිදු කර සාර්ථකව ග‍්‍රාහකයින් අතට පත්වූ අතර 2021 ජුනි මැද භාගයේදී ව්‍යාපෘතිය අවසන් කරන ලදී.
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
ශ්රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විජය පුවත්පත් සමාගම Oracle Cloud සමඟ එක්වෙයි
අප්පුහාමි Wednesday, 22 September 2021 04:16 PM
ජයෙන් ජයම වේවායි පතමු...
de silva Wednesday, 22 September 2021 06:22 PM
අපේ සර් ජනාධිපතිවරණයට කළින් ඔය වගේ එකක ගාන කතා කළා මතකයි. නමුත් දැන් ජංගම දුරකථනයක්වත් ගන්න ලංකාවේ නැත.