(නිමන්ති රණසිංහ)
හිටපු රාජ්‍ය ඇමැතිනී පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධ නඩුවේ ඉදිරි පියවර සඳහා මෙතෙක් නිතිපති උපදෙස් ලැබී නැතැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (7) කරුණු ඉදිරිපත් කළේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කර ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ වරදක් සිදු කළැයි කියන සිද්ධියට අදාළ ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
නිතිපති ගොනු අංක ඩබ්ලිව් පී 1/ 123/18 දරණ ගොනුව නිතිපතිවරයා වෙත බාරදී ඇති අතර මෙතෙක් සිද්ධිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවරයන් පිළිබඳව නිතිපතිවරයා උපදෙස් ලබා දී නැතැයි මෙහිදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
ඒ අනුව අදාළ නඩුවේ උපදෙස් කඩිනමින් ලබා දෙන ලෙසට දන්වමින් අධිකරණය නීතිපතිවරයා වෙත සිහිකැදවීමක් අද (7) යොමු කරනු ලැබීය.
යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැති රාජ්‍ය උත්සවයකදී කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් මෙම ප‍්‍රකාශය සිදුකර තිබුණේ ඉකුත් ජුනි මස 02 වැනිදාය.
2025 දෙසැම්බර් මස 30
12
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විජයකලාගේ නඩුවට නීතිපති උපදෙස් ලැබී නෑ
Priya Saturday, 08 December 2018 06:10 AM
එහෙමනම් කථානායක සහ පොලිස්පතිතුමාලා අද වෙනකං බොරුවක් කරල තියෙන්නේ. මේවාවලට කවුද කතා කරන්නේ? කෝ දැන් සද්ද කරන පක්ෂ?