සිරිනිහාල් ගමගේ     

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා ගමන් ගත් ජීප් රථය අද (23)සවස බද්දේගම නයාපාමුල අධිවේගී මාර්ගය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කනුවක ගැටී රිය අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

මෙම ජීප් රථය නාගොඩ දෙස සිට බද්දේගම දෙසට ගමන් ගැනීමේදි මෙම අනතුර සිදුවී ඇති බවත් මෙම අනතුරින් කිසිවෙකුට තුවාල සිදුවී නොමැත.

මෙම අනතුරින් විදුලි රැහැන් කනුවට හා විදුලි රැහැන් පද්ධතියට අලාභ හානි සිදුවී ඇත .

 අනතුර වන අවස්ථාවේ හිටපු මන්ත්‍රි වරයා පමනක් ගමන් ගෙන ඇති බව පොලිසිය කියයි .  

සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය වැඩිදුරටත් පරික්ෂණ පවත්වයි.