(කාංචන කුමාර ආරියදාස)
කලාවැව ඉස්මත්තේ ධීවර ගම්මානයට ආසන්නයේ ඓතිහාසික විජිතපුර බළකොටුවට අයත් බව කියන පුරාවිද්‍යා වටිනාකමකින් යුත් භූමියක් කිසියම් පිරිසක් විසින් එළිපෙහෙළි කර අඹ හා පොල් වගා කර ඇතැයිද මේ බව තමන් කැකිරාව රණජයපුර පොලිසියට පැමිණිලි කර ඇතැයිද පුරාවිද්‍යා නිලධාරීහු පවසති.
මෙම භූමියේ ඉපැරණි ගල්කණුවලට දැඩි හානි සිදුවී ඉපැරණි ගොඩනැගිල්ලක ගඩොල් සහ පැති උළු විශාල වශයෙන් කැඩී බිඳී තිබිණි.
අක්කරයක පමණ භූමියක මහා ඝන කැලෑව පැවති බවත් එම ප්‍රදේශයේ පදිංචි අයෙකුගෙන් කුලීකරුවා ලෙස තමාට ලැබුණු උපදෙස් පරිදි කැලෑව ඉවත්කර ඉඩම එළිපෙහෙළි කරමින් වෙනත් ප්‍රදේශයකින් මෙම ඉඩමට පස් ගෙනැවිත් දමා අඹ හා පොල් වගා කළ බව කලාවැව ධීවර ගම්මානයේ පිහිටි මෙම පුරාවිද්‍යා භූමිය පවිත්‍ර කරමින් වගාව ආරම්භ කළ කුලී කම්කරුවා ලංකාදීපයට පැවසීය.
කැකිරාව ප්‍රදේශයේ පුරාවිද්‍යාව පිළිබඳව සහ රජරට ප්‍රදේශයේ ඉතිහාසය පිළිබඳව මනා දැනුමක් ඇති සුදත් ඒකනායක මහතා එළාර දුටුගැමුණු යුගයට ද ඉහත සිටම මෙම විජිතපුර නගරය පැවැති බව ඉතිහාසයේ සඳහන් වන බවද සඳහන් කළේය. මෙම ස්ථානයේ සංඝාවාස රජ මාළිගාවක් පවතින්නට ඇති බවත් විනාශ කර ඇති නටබුන් පරීක්ෂාකිරීමේදී දැක බලාගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.
මෙම ස්ථානයේ සිට මීටර් සීයක් පමණ දුරින් විහාර ආරාම සංකීර්ණයක් පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය. විශාල ගල් මත මාළිගාවල නටබුන්, ගල් කටාරම් කෙටූ විහාර ආරාම සංකීර්ණයක් මෙම ස්ථානයේ පවතින බව සුදත් ඒකනායක මහතා පෙන්වීය. ඉතිහාසයක් සහිත බවට පිළිගත හැකි නටඹුන් සියල්ල විනාශ කර ඉඩම් අත්පත් කරගැනීමේ මුවාවෙන් ජාවාරම්කරුවන් ක්‍රියාකරමින් සිටින බවද ඔහු පැවසීය.
තමන් ගමේ අයකුගෙන් රුපියල් ලක්ෂ දහය හමාරක මුදලකට ගිවිසුමකින් මිලදී ඉඩම ගත් බවත් පසුව සව්න්දරාජ් නමැති අයකුට වගා කරගැනීම සදහා ලබා දුන් බවත් මේ ඉඩම ලබාගෙන වගාකර ඇති, කලාවැව නෙල්ලියාගම පාසලක ගුරුවරයකු වූ කලාවැව පදිංචි පිච්චෙ නුර්දීන් මහතා කීවේය.
තමන් රජයේ සේවකයකු නිසා රජයේ ඉඩම් ලබාගැනීමට නොහැකි බවද,තමන් මේ ඉඩම ලබාගත්තේ දුප්පත් කාට හෝ ලබාදී දේශීය ආයුර්වේද පැළෑටි වැවීමට බවද ඉඩම සංවර්ධනයේදී පුරාවිද්‍යා නටබුන් තමන් නොදුටු බවද වසමේ ග්‍රාම නිලධාරිවරයා මේ ඉඩමේ අයිතිය ලබාදීමට තමන්ට පොරමයක්ද ලබාදී තිබෙන බවද මේ දිනවල ග්‍රාම නිලධාරියාගේ උපදෙස් පරිදි එම ඉඩමට නොයන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මීට පෙර විජිතපුර බලකොටුවට අයත් බැලුම්ගල නැමති පුරාවිද්‍යා ස්ථානය ද යන්ත්‍රසූත්‍ර දමා ගම්මානය ඉදි කිරීම සඳහා විනාශ කර තිබිණි.






COMMENTS
දැන්නම් නියම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් අපට තියෙන්නෙ . එහි හිටපු අධ්‍යක්ෂකවරයා මාරු කර තම ගැත්තෙක් දමාගත් බවයි දැනගන්නට ලැබී ඇත්තේ. මුලු රටම හාන්සි
මෙම පුද්ගලයට නිතිය ක්‍රියාත්මක කරන්න. මෙතනත් අල්ල ගත්තේ කොලනියක් කරන්න. ඉන් පස්සේ ටික ටික කැලේ අල්ලාගෙන පැටව් බෝ කරලා වන විනාශයක් කරන්න. මොකද මෙතරම් තරහක් තියෙන්නේ වනන්තර හා පුරාවිද්‍යා ප්‍රදේශ සමග.
ගස් සිටුවීම වරදක් නොවේ . ඉඩමේ අයිතිය ගැන සොයා බලන්න.
සිංහලයාගේ අනන්‍යතාවය , නැතිකිරීමේ මහා කුමන්ත්‍රණයේ තවත් එක පියවරක් පමණයි එදත් අදත් හෙටත් ඔය විදියටම එළිපිට සහ හොරෙන් සිංහලයින්ගේ අයිතිහාසික සාධක විනාශ කරනවා ,
පුරාවිද්‍යා ඉඩම් මංකොල්ල කෑම් දැන්දැන් හැම පැත්තෙන්ම අහන්න ලැබෙනවා. අදාළ පුද්ගලයින්ගේ නමගම අහනකොට යටි අරමුණු මොනවද කියලත් පේනවා. මම අහන්නේ සිංහලයෙක් මේ වැඩේ කළා නම් මෙලහකට කුදලාගෙන ගිහින් හිරේ දමලා... එහෙම නෙමෙයිද? අර එකෙක් ජාතිය උප්පැන්නෙන් අයින් කරන්න යෝජනා කරලා මහා උජාරුවට කියවනවා. මොක්කුද මේ රටේ ඉන්නේ? සිංහල මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නේ? අඩු ගානේ පුරාවිද්‍යා එකෙත් ඉන්නේ ජාතියක්, ජම්මයක් නැති අයද?