IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


විග්නේෂ්වරන් සමාව ගැනීමට සූදානම් නෑ

 

( තිළිණි ද සිල්වා  සහ  රංජන් කටුගම්පොල )

උතුරු පළාත් හිටපු අමාත්‍ය බී.ඩෙනීෂ්වරන් මහතාගෙන් තමා කිසි විටෙක සමාව ගැනීමට කිසිදු ආකාරයේ සූදානමක් නොමැති බව දෙමළ ජාතික සභාවේ නායක, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතා අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

අභියාචනාධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඊ.කනඊස්වරන් මහතා මේ බව අභියාචනාධිකරණයට දන්වන ලදී.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් මහ ඇමැතිවරයාව සිටියදී අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් උතුරු පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වන බී.ඩෙනීෂ්වරන් මහතා ගොනු කළ පැමිණිල්ල විභාගයට ගැනීමටද අභියාචනාධිකරණය අද (15) තීන්දු කළේය.

මෙම පැමිණිල්ල සම්බන්ධ චෝදනාවන්ට විත්තිකරුවන් නිවැරදි බවද එහිදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.

මෙම පැමිණිල්ල මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණුනි.

මෙම පැමිණිලි විභාගයේදී උතුරු පළාත් හිටපු අමාත්‍ය බී.ඩෙනීෂ්වරන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ පළමු විත්තිකරු තම සේවදායකයාට යළි අමාත්‍ය ධූරය ලබා නොදීම පිළිබඳව අධිකරණය හමුවේ සමාව ප්‍රකාශ කරන්නේ නම් පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට තම සේවාදයකයා සූදානම් බවය.

ඊට විරෝධය පළ කළ පළමු විත්තිකාර විග්නේෂ්වරන් මහතා වෙනුවෙන් පෙනි සිටි ඊ.කනඊශ්වරන් මහතා කියා සිටියේ තම සේවාදායකයා කිසිවිටෙකවත් සමාව අයැදීමට සූදනාම් නොවන බවත් , පැමිණිල්ල විභාගයට ගන්නැයි තමන් ඉල්ලා සිටින බවය.

ඒ අනුව පැමිණිල්ල විභාගයට ගැනීමට තීරණය කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පැමිණිල්ලේ පළමු සාක්කිකරු වන උතුරු පළාත් ප්‍රධාන ලේකම් අන්තෝනිපිල්ලේ පද්මනාදන් මහතා සාක්කියට කැඳවීය.

එහිදී උතුරු පළාත් ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේ අධිකරණ නියෝගයෙන් පසුවත් ඩී.ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයාගේ අමාත්‍ය ධූරවල කටයුතු කරනු ලැබුවේ පළමු විත්තිකරු බවයි.පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය අදට (16) කල් තැබිණි.

උතුරු පළාත් මහ ඇමැති වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඊ .කන ඊශ්වරන්ද , උතුරු පළාත් අමාත්‍ය බී.ඩෙනීෂ්වරන් වෙනුවෙන් නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතාද පෙනී සිටියහ.

 



අදහස් (4)

විග්නේෂ්වරන් සමාව ගැනීමට සූදානම් නෑ

de silva Tuesday, 15 September 2020 04:11 PM

වාසුදේවගේ මස්සිනානේ... අවශ්‍ය නැහැ.. වාසුදේවට පුළුවන් මේ රටේ මිනීමරුවෝ පාර්ලිමේන්තු ගෙනඒම ඇතුළු ඕනෙම දෙයක් කරන්න. නීතිය නමන්න.

:       14       25

BamunuarachchiWednesday, 16 September 2020 03:43 AM

මිනිස්සු තමන් හිතන කරන විදියටම තමයි අනික් මිනිස්සු ගැනත් හිතන්නේ.

:       9       0

saman weerasinghe Tuesday, 15 September 2020 09:58 PM

මෙයා තවම හිතාගෙන ඉන්නේ ඩයස්පෝරාවට ඕනෑ විදිහට කරන්න පුළුවන් කියලා. දේශපාලන බංකොළොත් මස්සිනා දැනි පීචං වෙලා ඉන්න නිසා හිතන් ඇති අපිටත් ඒ විදිහටම කරන්න.

:       0       0

Asanga Wednesday, 16 September 2020 01:16 AM

මස්සිනා ආණ්ඩුවේ නිසා හිතනවා ඇති බේරෙන්න පුළුවන් කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 795 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 920 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site