(ලක්ෂ්මී ජයකොඩි)
ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් තිරසාර දේශපාලන විසඳුමක් ලබාගැනීමට නම් ජාත්‍යන්තර මැදිහත්වීම මත උතුරු නැගෙනහිර පළාත්වල ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් ඒ සඳහා ඉන්දියාව මුලිකත්වය ගෙන කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
ශ්‍රී ලංකාව ඉන්දියාව රවටමින් සිටින බවද කොළඹ නැගෙනහිර වරාය පර්යන්තය සම්බන්ධයෙන් සිදුව ඇත්තේ ද එය බවද ඒ මහතා පෙන්වා දෙයි.
විග්නේෂ්වරන් මහතා මේ බව පෙන්වා දී ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
ඉන්දියාව සම්බන්ධයෙන් මා මෙතෙක් කාලයක් පැවසු දෙයම අද සිදුවී තිබේ. එදා සිට අද දක්වාම මෙරට ආණ්ඩු කළ ආණ්ඩු විසින් ඉන්දියාව රවටමින් සිටී. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ද සිදුව ඇත්තේ එයයි. ජීනීවා මානව හිමිකම් කවුන්සල සැසිවාරයෙන් පසුව එය සිදුවනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි. මෙවර එය ටිකක් වේලාසනම සිදුව ඇත. යාපනය ආසන්නයේ පිහිටි දුපත් තුනක් බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් චීනයට ලබාදී ඇති බව වාර්තා මාධ්‍ය වාර්තා කරයි. එය සැබැවින්ම බරපතල කාරණයකි.
එබැවින් ඉදිරියටවත් ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාව තමන්ගේ විශ්වාසදායකයින් බව සිතා ඔවුන්ගේ නිජබිම වන උතුරු නැගෙනහිර පළාත් වල බලය ඔවුන්ට තහවුරු කරදෙමින් ඉන්දයාව තමන්ගේ ප්‍රතිපත්තිය වෙනස් කර ගත යුතු යැයි ඉල්ලා සිටිමි.
ඉන්දියාවේ දකුණු ප්‍රදේශය සුරක්ෂිතව පැවතිය යුතු නම් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් දෙමළ ජනතාවට උපරිම බලතල ලැබී එහි පාලනය සිදුවිය යුතුය. එය සනාථ වන ආකාරයෙන් දෙමළ ජනතාවට ඔවුන් නියෝජනය වන ආකාරයේ තිරසාර දේශපාලන විසඳුමක් ලබා ගැනීම සඳහා වන ජනමත විචාරණයක් ජාත්‍යන්තර මැදිහත්වීම මත පැවැත්වීමට ඉන්දියාව මුලිකත්වය ගෙන කටයුතු කළ යුතුය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සිදුවු දෙයම හෙට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද සිදුවිය හැකියි. ඒකීය රාජ්‍යය යටතේ මෙවැනි දේවල් කවර අවස්ථාවක වුවද සිදුවිය හැකි බව ඉන්දියාව අවබෝධ කර ගත යුතුය.
1987 වසරේදි ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳ සාකච්ඡා කළ අවස්ථාවේදි ශ්‍රී ලංකාවේ පළාත් වලටත් ඉන්දියාවේ ප්‍රාන්ත රජයන්ට ලබාදී ඇති බලතලම ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිණි. නමුත් ජේ . ආර් ජයවර්ධන ඒ සියල්ල වෙනස් කර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමම්ත කර ගනු ලැබීය. පසුව බලයට පත් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් ඔහුට වැඩි පියවරක් ඉදිරියට ගොස් පළාත් ලේකම්වරන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ග්‍රාම නිළධාරිවරුන් පළාත් බලතල වලින් ඉවත් කර මධ්‍යම රජය යටතට අනුයුක්ත කරනු ලැබීය.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ලබාදී ඇති ඉතා අල්ප බලතල වන ඉඩම්, පොලිස් බලතල පවා සිංහල ආණ්ඩු විසින් ලබාදීමක් සිදු කර නැත. සිංහල ආණ්ඩු යනු ලණුදීමෙහිලා සක්විති රජවරුන්ය. මෙය ඉන්දියාව තේරුම් ගත යුතුය. ඔවුන් තමන්ගේ කාර්යය ඉටුවන තෙක් කකුල අල්ලති. එයින් පසුව බෙල්ල අල්ලති. ඉන්දියාවත් ශ්‍රි ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාවත් එකිනෙකාට උපකාර කර නොගන්නේ නම් එය දෙපාර්ශවයට එකම ඉරණමක් අත් කර දෙනු ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනය මැදිහත් වුණාම ඔය ඉල්ලීම ඉවත් වෙනවා සිකුරුයි. මහත්තයෝ ලංකාව දෙකඩ කරන්න ඉන්දියාවට වුවමනාවක් නැහැ.
කොටි අවතාර නැවතත් නැගිටීමට වෙරදරණු පෙනේ. මේ මොහු ඉන්දියාවත් සමග ඇතිවී තිබෙන මතභේදය දඩමීමා කරගෙන තම අන්තවාදී අදහස් මුදුන්පත්කර ගැනීමට කරනා වෙරදැරීමකි. මොහු සිතාසිටින්නේ මොවුන් මේ ඉන්නේ තමිල්නාඩුවේ කියාය. ඉන්දියාවෙන් අප රට සම්බන්ධව මෙවැනි ඉල්ලීම් කරනුයේ එහෙයිනි. පාඩුවේ නිදාසිටින දෙමළ වැසියන් උසිගන්වා නැවතත් රටේ අරගල ඇතිකොට තම විකෘති මනස තෘප්තිමත් කරගැනීම මේ අනිසි උත්සාහයේ එක් අරමුණක් බව පෙනේ. ඉන්දියාවෙන් මෙරට සම්බන්ධව මෙවැනි ඉල්ලීම් කළහැකි වනුයේ මේරට ඉන්දියාවේ ප්‍රාන්තයක් නම් පමණෙකි. මෙවැනි උමතු වදන් පිළිගැනීමට ඉන්දියාව අනුවණ නොවන බව මොහු අවබෝධ කරගත යුතුයි. තම වර්ගයාගේ නිජබිම වන තමිල්නාඩුවේ සිට එම නිජබිම ගැන මෙවැනි ඉල්ලීමක් කළහැකි බවත්, මෙහි සිට එවැනි දෙයක් කිරීම දෝෂ හා ද්වේෂ සහගත බවත්, ඔහු දැනගත යුතුයි.
අපිත් කැමතියි මෙහේ ජනමත විචාරණයක් තියලා මේ රටෙන් පන්නන්න ඕනෑද නැද්ද කියලා තීරණයක් ගන්න.. ඔබලයි, තමිල්නාඩුවයි දෙකම මහවදයක්... අපිටයි ඉන්දියාවටයි. ඇත්තම කතාව ඉන්දියාවේ අනික් මිනිස්සු තමිල්නාඩු අය ඉන්න හෝටලයකින් කන්නත් කැමති නෑ.. ඒ වුණාට ලංකාවේ අපි නුඹලාට කවදාවත් එහෙම සලකලා නෑ.
තමුන්ට පුළුවන් කිසිම බාධාවක් නැතිව ඉන්දියාවට යන්න. මෙයා එදා ඉඳන් සිදුකළේ තම මව් බිමට අරියාදු කරන එක... තමුන් ඔය පුටුවේ වාඩි වෙලා ඉන්නේ යුද හමුදාවේ පිනෙන් බව තරයේ මතක තබාගත යුතුය.
මෙයාගේ මස්සිනා වාසුගේ වගේ මෙයාගෙත් ටිකක් ඔලුව හොඳ නැහැ. කොරෝනා ඔබ කොහේද?
ඔයා ගිහිල්ලා ඉන්දියාවෙම ඕක තියාගන්න. ඔයාගේ නායකයා ඉන්නේ ඉන්දියාවේ නම් මෙහේ ඒව බැහැ...
ඉන්දියාව රැවැට්ටුවා කියලා ඔයාට අමාරුද? ඔයා ලාංකිකකයෙක්ද? ඉන්දියානුවෙක්ද? ඉන්දියාව රැවැට්ටුවා කියලා ඔච්චරම අමාරු නම් යන්න ඉන්දියාවටම...
ඇයි මේ ද්‍රෝහීන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ? රට බෙදන්න කටයුතු කිරීම ව්‍යවස්ථා විරෝධියි, හැබැයි මේ අයට ඕනෑ ඒවා කියන්න කරන්න පුළුවන්...
මෙන්න මොහු තමයි නියම "සිංහල දෙමළ" කොටියා. මේ රටේ ජාතිවාදය අවුස්සා බලය ලබා ගන්නා සිංහල තක්කඩි දේශපාලකයින්ගේ පරම හිතවතා. මොහු කරන නිහීන රංගනයෙන් කුල්මත්වී, උගත්, ද්‍රවිඩ දේශපාලකයින්වත් මොහුගේ මට්ටමට ඇද දමන මෝඩ සිංහලයින් මේ දෙපිරිසේ වෙනස හඳුනා ගත යුතුයි. ජාතිවාදය අවුස්සා බහුතර සිංහල මෝඩයින්ව රවටා, බලයට පැමිණි ආණ්ඩුව ඇයි මොහු ගැන නිසි නීතිමය පියවරක් නොගන්නේ? මම ඉහත සඳහන් කළ තක්කඩිකම තමයි එයට හේතුව. නමුත්, මේ නිහීන රංගන දකිමින් ඇතිදැඩි වෙන ද්‍රවිඩ දරුවන් හා තරුණ පරපුර මතුයම් දවසක, නියම රංගනයක යෙදෙනවා නොඅනුමානයි. අන්න එදාට මෝඩ සිංහලයින්ට තරු පෙනෙයි.
ඔන්න තව කෙනෙක්... ලංකාව ඉන්දියාවෙන් කොටසක්ද? ඉන්දියාව තාම මව්රට කියලා හිතනවා නම්, තමිල් නාඩුවට යන එකයි තියෙන්නේ.
හිතාමතාම ජාතිවාදය පතුරවන මෙවැනි අයට ඇයි රටේ නීතිය ක්‍රියාත්මක නොකරන්නේ? ලංකාවේ ඉන්න බැරි නම් යන්න තමිල්නාඩුවට... බහුතර දෙමළ අය මොහුට විරුද්ධයි. මෙයාගේ පැවැත්මට කරන රංගනයක් මේක...
මෙයා කියන විදිහට එයාලගේ නිජබිම දෙන්න.. එතකොට ඒ ගොල්ලො සීඝ්‍රයෙන් දියුණු වෙන හැටි බලලා අපිටත් පුලුවන් අපේ ඉතිරි සම්පත් ටික මෙයාලාටම බදුදීලා කොමිස් කුට්ටි වලින් සැප විඳින්න. එහෙව් මෝඩයින් ටිකක් තමයි දැන් රටේ ඉතිරි වෙලා ඉන්නේ....