(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සිය සුභ පැතුම් එක්කරන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සඳහන් කර සිටී.
නිවේදනයක් නිකුත් කරමින් විග්නේශ්වරන් මහතා සඳහන් කරනු ලබන්නේ රටේ නව ජනාධිපති ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ සියලු ජනතාව වෙනුවෙන් සේවය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු ජනතාවගේ ගැටලු වෙනුවෙන් කිසිදු භේදයක් නොදක්වා කටයුතු කළ යුතු බවද හෙතෙම තම නිවේදනයේ සඳහන් කර ඇත.
නව ජනාධිපතිවරයාගේ සියලු කටයුතු සාර්ථක වේවායි තමන් ප්‍රාර්ථනා කරන බවද හෙතෙම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතකින්ම එතුමා එසේ කරාවි........සුබ පැතුම් එතුමාට !
අහිංසක දෙමළ මිනිසුන්ට සත්‍ය අවබෝධ වේවා !
සත්තකින්ම රටේ ජනතාවට එකවිදිහටම එක නීතියක් යටතේ සේවය කරාවි..
ස්තුතියි. ආයේ නම් මේගොල්ලන්ව ගාවගන්න එපා.
කපන්න බැරි අත ඉඹිනවා හැර කුමක් කරන්නද?
ඔව් ඔව් එතුමා සර්ව සාධාරණව ඔබතුමාගේ ජන කොටස් වලටත් සාධාරණව කටයුතු කරයි. මොකද ඔබතුමලත් පහුගිය කාලේ හැසිරුනේ මුළු ජන සමාජයටම සාධාරණ ලෙසනේ.
සජිත්ගෙන් පමණක් එකතු කරගන්නවා කිව්ව ඉල්ලීම් ටික.
ඔව් ඔව් මහත්තයෝ. දැන් ඉතින් දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න තමයි තියෙන්නේ.
ඔබ තුම්මන්ගේ සුබ පැතුම් අපට එපා.
අපි දන්නවා මස්සිනා වෙනුවෙන් ඔබ ලොකු කාර්ය භාරයක් කළා. ජාතිවාදී ප්‍රකාශ කරමින් එයින් සිංහල ජනතාව ගෝඨාභයට ලං වුණා.
පෙරළුණු පිට හොඳයි කියනවා...! හිතාගෙන හිටියේ නම් අනිත් පැත්ත ඇවිත් ඉල්ලන හැමදේම අරගන්න පුළුවන් වේවි කියලා...!
පහුගිය කාලයක් තිබුනා මෙයා ගහන පදේට හරි හෝ වැරදි නටන්න ඕනාය කියලා. ඉස්සරහාට මෙයාට නටන්න වෙන විදිය දැනගෙන වෙන්න ඇති.
මෙන්න මොහු තමයි උතුරේ සිටින අන්තවාදීම මිනිසා. මේ අන්තවාදියා හා සිංහල දේශපාලකයින් අතර තිබෙන සම්බන්ධය කුමක්ද? ද්‍රවිඩ ජනතාව මුලා කරන මේ අන්තවාදියාව සිංහල සමාජය මෙන්ම සිංහල දේශපාලකයින්ද පිලිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුයි.
හැබැයි පුතෝ ෆෙඩරල් නම් එපා...