(නිශාන්ත කුමාර)
ගතවූ කාලය තුළ නිසි වර්ෂාවක් නොලැබීම හේතුවෙන් මේ වන විට මධ්‍යම කඳුකරය තුළ පවතින්නේ දැඩි නියඟයකි.
කලකින් නිසි වර්ෂාවක් නොලැබීමත් පවත්නා නියං තත්වයත් හේතුවෙන් මේ වන විට මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාවෙන් පෝෂණය ලැබූ ගංගා ඇළ දොළ රැසක්ම වියළී ගොසිනි.
පෝෂණ ගංගාවන්ගෙන් ලැබෙන ජල මට්ටම පහත වැටීමත් සමඟම වෙනදා උතුරා පිටාර ගලන වික්ටෝරියා ජලාශයේ පතුල පෑදීමට පටන්ගෙන ඇත.
එය ඉදිකිරීමේදී ඊට යටවී තිබූ තෙල්දෙණිය පරණ නගරයේ නටඹුන් ද මේ වන විට මතුවී පෙනෙන්නට පටන්ගෙන තිබේ.




COMMENTS
වික්ටෝරියා ජලාශය වතුර පිරවීමට පටන්ගත්දා සිට මේ වනතුරු පිටාර මට්ටමට පැමිණ ඇත්තේ ඉතා සීමිත වාර ගණනකි. සෑම වසරකම බොහෝ කාලයක් මෙය වතුර අඩු මට්ටමක පවතී. දුම්බර මිටියාවත විනාශ කරමින් සරුසාර ඉඩම් මුඩු ඉඩම් බවට පත්කරමින් ආරම්භ කල වික්ටෝරියා ජලාශය ඉතාම අසාර්ථකම මහවැලි යෝජනා ක්‍රමයයි.
දැන් නගරයේ මුකුත් පේන්න නැහැ නේ......
මේක යකඩ වලට වත් ගන්නේ නැතුව විනාස වෙන්න අරින්නේ ?
මගේ ගම... ළමා කාලේ දුවපැනපු වෙල් යාය. දියබුන් ගහලා නාපු හුළු ගඟ. දෙසට කඳුළු උණන වේදනාකාරී මතක සටහන්, වික්ටෝරියාවත් එක්කම අපේ නැතිවුණු සබැඳියාව කවදාවත් ලැබෙන්නේ නැහැ. ආයෙත්... තෙල්දෙණිය අපේ පුංචිගම නුඹට අපේ ප්‍රණාමය...!!!
ඔය පාලම ගලවාගෙන ගොස් දුෂ්කර ගමක ප්‍රයෝජනයක් ගන්නවානම් හොදයි.
ජරා ජීර්ණ අනුවන දේශපාලකයන්ගේ මෝඩ කම්. අපේ රට දියුණු කරන්න වෙන ක්‍රම ඇත්තෙම නැද්ද මේ විදිය අපේ සුන්දර රට විනාශ කරනවාට වඩා.
දැන් බලං ගියාම මේවා යටකලේ අපරාදේ!
මේ යකඩ පාලම් සුද්දන් විසින් දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල ඔවුන්ගේ පාලන සමයේ සවිකරන ලදී. මේවා බොහෝමයක් අවුරුදු 100කට වඩා පැරණි වන අතර, තවමත් සමහර ජනාකීර්ණ ප්‍රදේශවල භාවිතා වෙමින් පවතී. හැකිනම් වර්තමානයේ මෙවැනි පාලම් බ්‍රිතාන්‍යයෙන් ගෙන්වා තවමත් ඒදඬු භාවිතා වෙන ගම්බද ප්‍රදේශවල සවි කළ හැකිනම් හොඳ දෙයක් යයි සිතමි...