IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


වකුගඩු රෝහලට විමල්ගෙන් රුධිර පෙරණයක්

(ළහිරු හර්ෂණ)

හෝමගම මූලික රෝහලේ කොවිඩ් - 19 වයිරසය ආසාදිතව ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීම සඳහා වාට්ටුවලට සහ දැඩි සත්කාර ඒකකයට පහසුවෙන් ගෙන යා හැකි ලක්ෂ විසි දෙකක් වටිනා ඩයලිසිස් යන්ත්‍රයක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (24) පරිත්‍යාග කලේය.

එම අවස්ථාවට හෝමගම මූලික රෝහලේ වෛද්ය චතුරිකා බෙලිගස්වත්ත මහත්මිය කැමරා එල් කේ ආයතනයේ අධ්යික්ෂ අනුෂ්ක ගුණසිංහ මහතා ඇතුළු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක්ද එක්ව සිටියහ.



අදහස් (18)

වකුගඩු රෝහලට විමල්ගෙන් රුධිර පෙරණයක්

පප්ප Monday, 24 May 2021 01:14 PM

මේක වටිනවා.. මේ යෝධයා හම්බ කරපු සල්ලිවලින් දුන්නා නම්, හැබෑ කොමිස් ගහපුවායින් නෙමෙයි...

:       13       36

RaveendraTuesday, 25 May 2021 01:21 AM

ඇත්තෙන්ම හොද සත්ක්‍රියාවක් . "තමන් දුක්මහන්සි වෙලා හරිහම්බ කරපු මුදල්වලින්" නම් මේ යහපතක්ම වේවා.....

:       1       12

VithanaTuesday, 25 May 2021 04:00 AM

එහෙම ගණන් බැලුවොත් නම් ලක්ෂ 22 හොඳටම මදි.

:       1       3

mihira Monday, 24 May 2021 01:23 PM

පව්, කුලී වැඩ කරලා හම්බකරපු සල්ලිවලින් ගන්න ඇත්තේ...

:       12       40

Ranjit Monday, 24 May 2021 01:29 PM

අර මාවරමණ්ඩියේ කොමියුනිකේෂන් එකේ හිටපු කාලේ හීනෙකින්වත් හිතන්න ඇද්ද 2021 වෙනකොට මේ වගේ යන්ත්‍රයක් සල්ලි දීලා මිලට අරගෙන රෝහලකට පූජා කරන්න තරම් සල්ලි කාරයෙක් වෙන්න ලැබෙයි කියලා. වාසනා මහිමයම තමයි ඉතින්... දෙන්න දෙන්න වැඩි වැඩියෙන් හම්බවෙනවා කියන්නේ ඕකනේ...

:       9       41

සිරාTuesday, 25 May 2021 02:27 AM

නවලෝක මුදලාලි, දාස මුදලාලි, වගේ මිනිස්සු උනත් පොඩිම තැනින් පටන් ගත්ත මිනිස්සු. අනික මිනිහෙක් කොමියුනිකේෂන් ඒකක වැඩ කරන එක පහත් වැඩක් ද... අද කැම්පස් යන ,ඉන්ජිනියරින් ෆැකල්ටි ඉන්න කොල්ලො UBER, pickme පදිනවා, පීසා , KFC වගේ ඒවගේ වෙටර් වැඩේ කරනවා... මිනිස්සුන්ට ගරහන්න එපා. හෝ හොරකම් කරලා නම් ගිහින් පැමිණිල්ලක් දාන්න ගිහින් අල්ලස් එකට...

:       9       11

VithanaTuesday, 25 May 2021 09:18 AM

ටක්කෙටම 69 ලක්ෂයෙන් කෙනෙක් වෙන්න ඕනෑ. නවලෝක මුදලාලියි, දාස මුදලාලියි හම්බ කලේ තමුන්ගේ ව්‍යාපාරයෙන්, දහඩිය මහන්සියෙන්. හෝකන්දර කෝටි 7 ක මාළිගයක් ගහන්න සල්ලි හෙව්වේ මාවරමණ්ඩියේ කොමියුනිකේෂන් එකෙන් කියලද කියන්නේ...?

:       1       3

Nuwan Monday, 24 May 2021 01:45 PM

ගෙදරින් ගෙනාපු සල්ලි වලින් දීලා තියෙන්නේ. අර පෙදරේරු පැණිය හදන්න අරඹන්න මැෂිම දුන්නෙත් ගෙදරින් ගෙනාපු සල්ලිවලින්...

:       9       31

sarath Monday, 24 May 2021 02:33 PM

ඉතාලියට කුඩු ඇදපු සල්ලි වලින් වෙන්න ඇති...!!!

:       9       18

andima Monday, 24 May 2021 03:18 PM

මොන හම්බ කිරිල්ලක් හම්බ කරන්න ඇතිද පහුගිය කාලේ..? මේවගේ වටිනා යන්ත්‍රයක් පරිත්‍යාග කරන්න..

:       6       25

සුධීර Monday, 24 May 2021 04:10 PM

ගසා කෑම පමණක් සිදුකරන, එහෙත් කිසිවෙකුට කිසිවක් නොදෙන රාජපක්ෂවරුන් සිටින රටේ මේ ඇමතිවරයා කළ පරිත්‍යාගය අගය කළ යුතුයි.

:       20       12

sanka Monday, 24 May 2021 04:36 PM

සල්ලි හොයලත් මහන්සි ඇතිනේ... බොමුද සීතල වතුර එකක්...?

:       4       17

CHANDIMA Monday, 24 May 2021 06:33 PM

මෙතුමා හම්බකරපු ඒවගෙන්ද.?

:       0       5

සෙනෙවිරත්න Monday, 24 May 2021 08:32 PM

පැහැදිලි නැහැ තම පෞද්ගලික ධන පරිත්‍යාගයකින්ද කියල, එක නිසා අදහසක් නැහැ

:       1       5

shashiranga senevirathna Monday, 24 May 2021 10:53 PM

එදා තැඹිලි පෙව්ව දවසේ ඉඳලා මොනතරම් මහන්සියෙන් සල්ලි කොමිස් හොයන්න ඇතිද? සල්ලි කන්දරාවක් වැය කරලා මේවගේ යන්ත්‍රයක් පරිත්‍යාග කරන්න. කුරුඳු බීඩියෙනුත් ලාබ ලබන්න ඇති. අයි සී යූ ඇඳන් මොනතරමක් හැදුවද? ඒවා අපනයනය කරන්නත් ඇතිනේ... මේ තරම් මුදල් කන්දරාවක්... යට කරන්න. අයියෝ මිනිස්සුන්ගේ බදුමුදල් වලට යන කලක්...!!! කියලා හිතෙනවා මේවා දැක්කාම...

:       3       3

sena Tuesday, 25 May 2021 04:45 AM

"කැමරා එල් කේ ආයතනයේ අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ මහතා" ස්තුතියි මහත්තයෝ.

:       0       4

gamage Tuesday, 25 May 2021 06:47 AM

"කැමරා එල් කේ ආයතනයේ අධ්යික්ෂ අනුෂ්ක ගුණසිංහ.........". විමලේගෙ යාලුවෙක් වෙන්න ඇති. නිකන් ෆොටෝ එකට ඉන්න අඬ ගහගෙන එන්න ඇති.

:       1       3

Shalika maduranga Tuesday, 25 May 2021 09:03 AM

මෙයාම දුන්නා කියලා විශ්වාසද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 854 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 968 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 391 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site