(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
රත්ගම බූස්සරත්න උදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමෙන් පසුව අපරාධයට සහභාගි වූ නිලධාරීන් ඇඳසිටි ලේ තැවරුණු පොලිස් නිලඇඳුම් පුලුස්සන ලද ස්ථානය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (23) පරික්ෂාවට ලක් කරන ලදි. මෙම ස්ථානය මාතර වැල්ලමඩමේ ගෙවත්තකි.
දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පාලනය යටතේ පැවැති
විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් විසින් මෙම අපරාධය සිදුකරන ලදැයි කියැවේ.
නිල ඇඳුම් ගිනිතැබූ ස්ථානය පරීක්ෂා කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් පරීක්ෂකවරයකුගෙන් ලැබෙන තොරතුරු අනුවය.
මාතර වැල්ලමඩමේ නිවසක කාමරයක සැකකාර පොලිස් පරික්ෂක කපිල නිශාන්තද සිල්වා යන අය තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇති බව රහස් පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත. මෙම නිවසේ හිමිකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි වී සිටින බවද කියැවේ.
ව්‍යාපාරිකයින් දෙදෙනාට පහරදී ඝාතනය කර වලස්මුල්ලේ රක්ෂිත වනාන්තරයකට රැගෙන ගොස් සිරුරු පුලුස්සා දැමීමෙන් අනතුරුව සැකකාර පොලිස් නිලධාරීන් පිරිස ඇඳ සිටි ලේ තැවරුණු නිලඇඳුම් මාතර වැල්ලමඩමේ ගෙවත්තේ කසල පුලුස්සන ටැංකියට දමා ගිනි තබා විනාශ කර ඇති බව රහස් පොලිසිය සඳහන් කරයි.
වැඩිදුර පරික්ෂණ සඳහා එම අළු සාම්පල් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රැගෙන යනු ලැබීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් රණවිරුවන්ට අත නොතබනු..
මේක අර තුර්කියේ සෞදි මාදයවේදියා මරපු විදියටම දීපු ගේම් එකක් වගේ. මේ ගොල්ලොත් ඒ පැත්තේ කාගෙන් හරි උපදෙස් ගත්තද දන්නේ නැහැ.
හෙන හතම වදිනවා....
මේ මිනිස්සු දෙන්න මේ විදිහට මරල දමන්න හේතුව මොකක්ද ? විනොදෙට මේ විදිහට මිනිස්සු මරන්නේ නැහැනේ ?
ඔය පළාතේ ජිවත් වෙන උදවිය නම් එතරම් සාන්තුවර්යින් නොවේ.
මේ දෙන්නම අහිංසකයන් නොවෙන්න පුළුවන් නමුත් මරා දැමීමට අයිතියක් නැත.....
හරි වැරැද්ද මොකද්ද දන්නේ නෑ, නමුත් මේ දෙන්නා ගිනිඅවි කුලියට දීපු දෙන්නෙක්.
නුවන් අදහස් කලේ කුමක්ද කියා චින්තක සහ මහී ට නොවැටහීම පුදුමයක්
දැන් පොලිසිය භාර ජනපතිට නේද?
මොවුන් දෙදෙනා පාතාලයට ආයුධ සපයලා කියලා බුද්ධි අංශ දීපු වාර්තාවට අනුව ගත්ත අය කියලා කලින් ලිපියේ තිබුණා. දැන් අහිංසකයන් වුනේ කොහොමද?
කිසිදු පුද්ගලයෙකුට අවමන් සහගත ලෙස සැලකීම වද හිංසාවන්ට ලක් කිරීම නීති විරෝධි. එය ඕනෙම අපරාදකරුවෙකුට වුනත් සාධාරණයි. දඩුවම් දීමට අධිකරණ පද්දතියෙන් මිසක වෙන කාටවත් බැහැ මේවා වැලැක්විය යුතුයි.