(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් මිල ඉහළ දැමූව ද තව දුරටත් පවතින හිඟය පිළිබඳව එළඹෙන සතියේ සාකච්ඡා ආරම්භ කිරීමට බලපොරොත්තු වන බව පාරිභෝගික ආරක්‍ෂණ රජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියකුඅද (19) පස්වරුවේ පැවසීය.
ලාෆ් ගෑස් හිඟය නිසා තවමත් පාරිභෝගිකයන් දැඩි අපහසුතවට පත්ව ඇති බවට අඛණ්ඩව පැමිණි ලැබෙන බවත් ඒ පිළිබඳව ඉිරියේ අවදානය යොමු කරන බවත් එම නිලධාරියා කීය.
රට පුරාම ලාෆ් ගෑස් මිලදී ගැනීමට නොමැති වීම නිසා ලාෆ් ගෑස් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවට පවත්ව සිටින අතර ලිට්‍රෝ ගෑස් සමාගම ද අලුත් සිලින්ඩර නිකුත් කිරීම අත්හිටුවීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්ව සිටිති.
ලාෆ් ගෑස් සමාගම පවසන්නේ ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් ගෑස් ආනයනය කිරීමට නොහැකි වී සිටින බවයි. ලාෆ් ගෑස් සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් සහ කිලෝග්‍රෑම් 5 කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 143 ක් කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය අගෝස්තු මස 12 වැනිදා අවසර දුන්නේය.
ඒ අනුව රුපියල් 1493 ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,856 ක් දක්වා ද, රුපියල් 600 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5 කුඩා ප්‍රමාණයේ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 743 ක් දක්වා ද, ඉහළ ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාකච්චා පමණයි .සුදුසු තීරණයක් නැහැ .රජයත් සමාගමත් අතර කඹ ඇදිල්ල නිසා පාරිභෝගිකයෝ අනාතයි .ගෑස් නැතුව ඉවුම් පිහුම් කටයුතු කරගන්නේ කොහොමද
වෑගපිටියගෙ දිස්ත්‍රික්කයේ හිඟයෙන් පස්සෙ ලාෆ්ගෑස් තිබුනෙම නැහැ