(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමල වරායේ නැංගුරම් ලා තිබු නෞකාවකින් ඉන්දියානු තෙල් සමාගමේ ටැංකි වලට ලිහිසි තෙල් පොම්ප කළ නල මාර්ගයක අද (03) ඇති වූ හදිසි තෙල් කාන්දුවකින් තෙල් තට්ටුවක් මුහුදට එකතු වී ඇති බව ශ්‍රි ලංකා සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරි කියයි.
එම ලිහිසි තෙල් තට්ටු ඉවත් කිරීමට ශ්‍රි ලංකා වරාය අධිකාරිය හා ශ්‍රි ලංකා නාවික හමුදාවේ වෙරලාරක්ෂක බලකාය පියවර ගත්බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහකර අධ්‍යක්ෂ ටි.ශ්‍රිපති මහතා පැවසීය.
නෞකාවේ සිට ඉන්දියානු තෙල් සමාගමේ ටැංකි වලට සම්බන්ධිත නල මාර්ගයේ නලයකින් මෙම තෙල් කාන්දුව සිදුවී ඇති බවත් එවැනි තත්වයකදී ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීම සඳහා කිසිඳු ක්‍රමවේදයක් නොතිබුණු අතර සිදුවු පරිසර හානියට එරෙහිව සමාගමට විරුද්ධව චීනවරාය පොලිසියට පැමිණිල්ලක් කළ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහකර අධ්‍යක්ෂවරයා කීය.
කාන්දුවෙන් මුහුදට එක්වූ තවත් තෙල් තට්ටු තිබුණ හොත් ඒවාද ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීය.

2025 නොවැම්බර් මස 21
327
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
356
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1288
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ලිහිසි තෙල් පොම්ප කළ නල මාර්ගයක තෙල් කාන්දුවක්
rama Saturday, 04 May 2019 09:09 AM
අනේ මූදට ගින්දර තිබ්බා නම් තෙල් ටික පිච්චිලා වතුර ඉතුරු වෙනවනේ..