IMG-LOGO

2025 පෙබරවාරි මස 16 වන ඉරිදා


ලේසර් කිරණ ආධාරයෙන් වකුගඩුවේ ගලක් ඉවත් කළ විස්මිත සැත්කමක්

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ලංකාවේ ප්‍රථම වරට වොට් 140 ක අධි බලැති ලේසර් කිරණ මාර්ගයෙන් පුද්ගලයෙකුගේ දකුණු පැත්තේ වකුගඩුවේ  තිබූ සෙන්ටි මිටර් 4 ක් පමණ විශාල ගලක් මිලිමිටර් 4 ක පමණ ඉතා කුඩා සිදුරකින් ඉවත් කිරීම කළුතර නාගොඩ මහ රෝහලේ වකුගඩු හා මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍ය කලන පරන පල්ලියගුරුගේ මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඊයේ (18)  ඉතා සාර්ථකව සිදු කෙරිණි.
 
මෙම ශල්‍යකර්මයට භාජන වූ පුද්ගලයා  කළුතර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52 ක පුද්ගලයෙකි .
 
මීට වසර 8 පමණ ඉහත දී ඔහුගේ දකුණු වකුගඩු වේම ගලක් ශල්‍යකර්මයකින් ඉවත් කර තිබූ අතර ඒ සඳහා  අඟල් 8 ක් පමණ විශාල කැපුමක් යොදා ඇත.
 
යළිත් වසර 8 කට පසු ඔහුට දකුණු වකුගඩුවේම සෙන්ටි මීටර් 4 ක ප්‍රමාණයේ සංකීර්ණ (staghorn) ස්ටැජ්හොන්  ගලක් ඇතිවීමෙන් සැත්කමක් සිදු කිරීමට වී තිබේ.
 
විශේෂඥ වෛද්‍ය කලන පල්ලියගුරුගේ මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම එම රෝගියාගේ රෝග ඉතිහාසය ලබාගෙන එම රෝගියා සීටී ස්කෑන් පරීක්ෂණයට ලක් කල තිබූ අතර එහිදී දකුණු වකුගඩුවේ ගලක් තිබෙන හෙළි වීමෙන්  අනතුරුව මම ශල්‍යකර්මයට භාජනය කිරීමට පියවර ගත් බව නාගොඩ මහ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
 
එම ශල්‍යකර්මය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කළුතර නාගොඩ මහ රෝහලේ  වකුගඩු හා මාතෲ ලිංගික  විශේෂඥ වෛද්‍ය කලන පල්ලියගුරුගේ මහතා මෙසේ පැවසීය.
 
"කලින් වතාවේ උදරයේ විශාල  කැපුමකින් ශල්‍යකර්මයක් කර තිබූ නිසා එම රෝගියාට ගැලපෙන්නෙ   p c n l  ශල්‍යකර්මයක් බව අපි තීරණය කළා .අපි එහිදී ඉතාම සියුම් ආකාරයෙන් එක්ස් කිරණ යොදා ගෙන ඉඳිකටුවක් එම  හම  හරහා වකුගඩුව වෙත ඇතුළු කළා .එක්ස් කිරණ   ආධාරයෙන්  එම  ඉඳිකටුව ගමන්ගත් මාර්ගය හරහා මිලිමිටර්  4 ක පමණ විශ්කම්භයකින් යුතු ඉතා කුඩා බටයක් වකුගඩු තුළට යොමු කරනු ලැබුවා .ඊට පසුව එම බටය තුළින් ඉතා කුඩා (nephroscope) කැමරාවක්  සහිත උපකරණයක් යොමුකර ගල  නිරීක්ෂණය කරමින් අධි බලති  ලේසර් කිරණ මගින්  සෙන්ටිමීටර  4 විශාල ගල ඉතා සියුම්  ධූලි අංශු බවට පත් කළා. එම අංශු සියල්ලම ඉහත බටය ආධාරයෙන් නිරීක්ෂණය කරමින් පිටතට ගත්තා."
 
"මෙම ශල්‍යකර්ම සඳහා වැය වුණේ පැය එකහමාරක් වැනි ඉතාම සුළු කාලයක්යම් පුද්ගලයෙකුගේ  වකුගඩුවේ  ගල්  පැමිණියහොත් පෙර පරිදි කපා ඉවත් කරන්න අවශ්‍ය නැහැ .එහෙම ශල්‍යකර්මය කලත් නැවත ආයෙත් ගල් එන්න පුළුවන්."

"ඒ වගේම මෙම ශල්‍යකර්මය ලක් කළ පුද්ගලයාට දින තුන හතරක් තුළදී තම සුපුරුදු කාර්‍යයන් කාර්යයන් සඳහා යොමුවන්න පුළුවන්. අතුරු ආබාධ නැහැ."

"පෙරවගේ ශල්‍යකර්ම සිදු කළොත් ඔහුට සති තුන හතරක් යන්න පුළුවන් සුපුරුදු කාර්යයන් සඳහා යොමුවන්න  .නමුත් ඔහුට එම කාලය තුළ  බර වැඩ කරන්නත් හොඳ නැහැ .මෙම ශල්‍යකර්මය ඉතාම සාර්ථක ශල්‍යකර්මයක්  බව කියන්න පුළුවන්."
 
"මෙම ශල්‍යකර්මය සඳහා කළුතර නාගොඩ මහරෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය එරන්ජිකා කුලතිලක  මහත්මිය  ප්‍රමුඛ නිර්වින්දන කණ්ඩායමක්, වකුගඩු හා  මෞත්‍ර  ලිංගික  ශල්‍ය  ඒකකයේ සියළුම වෛද්‍යවරු, ශල්‍යාගාරයේ "ඩී" හෙද සොහොයුරිය, හෙද නිලධාරින්, විකිරණ ශිල්පීන්, සෙසු කාර්ය මණ්ඩලය යුහුසුලුව  දායක වුණා."
 
කළුතර නාගොඩ මහ රෝහලේ  අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා මෙසේ පැවසීය .
 
"සුවිශේෂී  ශල්‍ය කර්මයක් බව කියන්න පුළුවන් . කළුතර නාගොඩ මහ රෝහලට වගේම  සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයට  අභිමානයක් ගෙන දුන්  එම ශල්‍යකර්මය සිදුකළ වකුගඩු හා මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍ය කලන පල්ලියගුරුගේ මහතා ප්‍රමුඛ  වෛද්‍ය කණ්ඩායමට  මාගේ මෙන්ම නාගොඩ මහරෝහලේ  වෛද්‍යවරු ඇතුළු  සෙසු කාර්ය මණ්ඩලයේ  සුභාශිංශනය පිරිනමනවා."

 



අදහස් (3)

ලේසර් කිරණ ආධාරයෙන් වකුගඩුවේ ගලක් ඉවත් කළ විස්මිත සැත්කමක්

ගයාන් Wednesday, 18 November 2020 04:42 PM

ගිය අවුරුද්දේ මගේ යාලුවෙක් මේ සැත්කම කළා ආසිරි එකෙන්. 75000ක් ගියා.

:       0       0

Rehan Wednesday, 18 November 2020 06:26 PM

මේකට අදාළ මැෂින් එක අරන් ආපු පුද්ගලික ආයතනයේ සේවක මහතුන්ට ස්තූති කරන්න බැරිවුණේ ඇයි? තමන්ගේ වැඩේ විතරයි. අනික ලංකාවේ කරපු පළමු කේස් එකත් නෙමෙයි.

:       0       0

නිමල් Thursday, 19 November 2020 12:01 AM

ශ්‍රි ලංකා වෙද සේවාවෙහි සුවිශේෂී කඩඉමක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඉලංගෙයි තමිල් අරුසකච්ඡ නව ලේකම් සුමන්දිරන්
2025 පෙබරවාරි මස 16 40 0

ඉලංගෙයි තමිල් අරුසකච්ඡ පක්ෂයේ නව වැඩ බලන මහ ලේකම්වරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පත් කළ කළ බවට පක්ෂයේ මධ්‍යම කාරක සභාව


කැන්ඩි ඕ.ඩී.සී ගිය ටිල්වින් අය වැය ගැනත් කියයි
2025 පෙබරවාරි මස 16 257 0

වත්මන් රජයේ අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී විපක්ෂයේ ඇතැම් පිරිස් අයවැයට උපදෙස් ලබාදීමට පටන්ගෙන තිබෙනවා. ඔවුන්ගේ කාලයේ ඉදිරිපත් කළ අයවැයෙන් රට


තිස්ස පැත්තකට වෙයි
2025 පෙබරවාරි මස 16 1419 4

එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් පත්කළ කමිටුවෙන් තමන් ඉවත්වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ම


අයවැය අරන් ජනපති හෙට මැතිසබයට
2025 පෙබරවාරි මස 16 463 0

මෙම වර්ෂය සඳහා රජයේ අයවැය ලේඛනය ( අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට ( 17 ) සඳුදා උදේ 10.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.


වාර්ෂික කලා පොළෙන්
2025 පෙබරවාරි මස 16 294 0

ශ්‍රී ලාංකේය චිත්‍ර දින දර්ශනයේ ජනප්‍රියම වාර්ෂික උත්සවය වන ‘කලා පොළ 2025’ එළිමහන් කාල ප්‍රදර්ශනයේ 31 වැනි අදියර කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේදී අද (16) පැව


පුංචි ඡන්ද පනත තුනෙන් දෙකෙන් සම්මත කරගන්නවා
2025 පෙබරවාරි මස 16 815 1

පළාත් පාලන මැතිවරණයට ප්‍රතිපාදන සැලසෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කර ගැනීමට බලාපොරොත්තු


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 271 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 141 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 970 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site