IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලොව විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය නිෂ්පාදනය නවතයි

ලොව  විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය වන එයාර් බස් සමාගමේ A 380 වර්ගයේ තට්ටු දෙකේ මගී ගුවන් යානයේ නිෂ්පාදන කටයුතු නවතා දමා ඇති බව වාර්ථා වේ.

ප්‍රමාණවත්  මගීන් ප්‍රමාණයක් නොසිටීම නිසා මෙම තීරණය ගත් බව යුරෝපීය අභ්‍යවකාශ යානා නිෂ්පාදකයන් අතර දැවැන්තයා වන එයා බස් සේවාව බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පවසා සිටියේය.

දැවැන්ත පිරිවැය‍ට අනුව අපේක්ෂිත ලාභය ලබාගැනීමට නොහැකි වීම නිසා 2021 වර්ෂයේදී  මෙම ගුවන් යානා අලෙවිය අත්හිටවනු ඇත.

මෙම තීරණය  සමඟ ඔවුන්ගේ විශාලතම පාරිභෝගිකයා වූ ඩුබායි එමිරේට්ස් ගුවන් සේවය සිය ඇනවුම් සීමා කිරීමට තීරණය කර ඇත. 

ඒ අනුව එමිරේට්ස් ගුවන් සේවය  ගුවන් යානා 39ක් (162-123) ඇනවුම් කිරීම අඩුකර ඇත.

ඕස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන් සමාඟම විසින් ඇනවුම් කර තිබූ A380 වර්ගයේ  මගී ගුවන් යානා 08ක් පෙබරවාරි 07 වැනිදා  අවලංගු කර ඇත. 

මෙහි ප්‍රතිඵල ලෙස එයාර් බස් සමාගම අනෙකුත් ගුවන් සමාගම පසුගාමීත්වයක් පෙන්නුම් කරන බව වාර්ථා වේ.

මෙම ගුවන් යානයේ මගීන් 800කට ගමන්කළ හැකි අතර මෙහි විශාලත්වය නිසාම බොහෝ ගුවන්තොටුපළවල් නවීකරණය කීරීමට සිදු වී ඇත. 

(ඒ එෆ් පී ඇසුරෙනි)

63226



අදහස් (7)

ලොව විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය නිෂ්පාදනය නවතයි

Sajeewa Thursday, 14 February 2019 09:17 AM

අයියෝ මත්තල හැදුවේ මේවා බාන්න නේද?

:       387       434

Nandalal DE SILVA - FranceThursday, 14 February 2019 07:19 PM

අලින්ට, මොණරුන්ට, පිඹුරන්ට කෙළිබිමක් හැටියට තිබුන ඝන වනාන්තරය සුද්ධ කරලා මත්තල "හුළං තොටුපොල" හදල බෝඩ් ලෑල්ලක් එල්ලා තිබෙන බව පේනවා ! අහල පහල ගම්වැසියන් මිරිස් වේලාගැනීමට ධාවනපථයත්, විශාල අස්වැන්නක් ලබුනවිට වී තොග ගබඩා කිරීමටත් හැරෙන්න මත්තල "සුදු අලියාගෙන්" රටට සත පහක වැඩක් වී තිබේද? මගීන් 800කට ගමන්කළ හැකි කිසිම ගුවන් යානයක් ඉතාමත්ම හදිසි කටයුත්තකට මිස කටුනායකටවත් ගොඩ බස්සා නැතිබව ඔබ හොඳින්ම දන්නා කාරණයක් නේද? රුපියල් කෝටි ගණනක් වැයකරමින්, අධික පොලී අනුපාත යටතේ විදේශ රටවලින් ණය අරගෙන, තම්මැට්ටම් ගසමින්, පාසල් දරුදැරියන් කට්ට අව්වේ කරකරමින් කලන්තේ දමා වැටෙනතුරු, "ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ" යන වදන මුළුමනින්ම ඔප්පු කරමින් මත්තල ඇරියේ තමන්ගේ නම් ප්‍රසිද්ධ කරගැනීමට මිස, "එයා-බස් A380 " ගුවන් යානයක් මත්තල බස්සවන වාරයක් පාසා සංචාරකයන් 800 බැගින් අපේ රටට අද්දා ගැනීමට නොවන බව අපට මිසක් එයාලට නොතේරෙන එක පුදුමයක්!

:       2       4

janatha anura Thursday, 14 February 2019 09:50 AM

මත්තල හැදුවේ කොස් ඇට බාවන කට්ටියට විකුණා ගන්න.. නැතිනම් අලි ප්‍රවාහනයට..

:       445       441

hashan Friday, 15 February 2019 01:56 AM

ඕස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන් සමාඟම විසින් A380 වර්ගයේ මගී ගුවන් යානා ඇනවුම් අවලංගු කරපු නිසා, අපි ගෙව්ව වගේ ලොකු ගානක් දඩ ගෙවන්න ඇති නේද... හා... හා....

:       0       15

CG Friday, 15 February 2019 03:53 AM

A380 ඉතා හොඳ ගුවන් යානයකි. මම 3 වරක් ගමන් කළා (Quantas, Singapore Airlines, එමිරේට්ස්). එහි බලවත් එන්ජිම සමඟ. අතිරේක කැබින් අවකාශය, අඩු කම්පන, සුමට ගමන් සංචාරය සුපිරි සුවපහසුයි. ඔවුන් නිෂ්පාදනය නවත්වන්න යන බව දැන ගැනීම කනගාටුයි.

:       0       27

jayath Friday, 15 February 2019 04:30 AM

වාර්තා වලට අනුව නම් ලෝකේ සෑම ගුවන් සමාගමක් ම දුවන්නේ අමාරුවෙන් ඉන්දන මිල ඇතුව අනෙකුත් ප්‍රශ්න හින්ද මේකත් එකේම දිගුවක් හැබැයි අපේ මිහින් ලංකා එක ඔය කුලකයේ නැහැ එක ලාබයි එක නොව ලාභය කොච්චරද කියල හොයන කොමිසමක් හෙම දමල තියෙන්නේ! මේ කොමිසමෙන් එලියට එන "කුණු " දැක්කම අනේ මේ රට කියල හිතෙනවා

:       0       1

rohana kumara mendis Monday, 18 February 2019 08:20 AM

අයියෝ තව කල් තියෙනවා.. තාම නිෂ්පාදනය නතර කර නැත එය සිදුවන්නේ 2021 අවුරුද්දේදී. ඒ වගේම බාර ගත්තු ඒවා ඒ විදිහටම නිෂ්පාදනය කරනවා. අවසාන බාර ගැනීම් සිදුවන්නේ 2021දී...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site