IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ලොව වටා ගිය සාරා

සැහැල්ලු ගුවන් යානයකින් තනිවම ලොව වටා යමින්, නව ලෝක වාර්තාවක් පිහිටුවීමට 19 හැවිරිදි බ්‍රිතාන්‍ය බෙල්ජියම් ජාතික ගුවන් නියමුවරියක වන සාරා රදර්ෆර්ඩ් පෙරේදා (20) සමත් වූවාය.

ඒ ඇය දින 155 ක් පුරා ලොව වටා පියාසර කරමින්, යළි ඇගේ ගමනාන්තය වූ බෙල්ජියමේ කෝට්රේ නුවරට ළඟා වීමත් සමඟය. සාරා තනිවම ලොව වටා යෑමේ මෙම වික්‍රමය ආරම්භ කළේ පසුගිය 2021 අගෝස්තු 18 වැනිදා කෝට්රේ නුවරිනි. ඇගේ ගමනාන්තය වූයේ ද කෝට්රේ ය.

තනි ඇන්ජිමක් සහිත සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා පියාසර කරමින් සාරා වාර්තා තුනක් පිහිටුවා ඇත. ලෝකය වටා තනිවම පියසැරි වික්‍රමයක යෙදුණු ළාබාලතම කාන්තාව, මයික්‍රෝ ලයිට් වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක නැගී ලෝකය වටා ගිය කාන්තාව සහ තනි ඇන්ජිමක ගුවන් යානයක නැගී ලෝකය වටා යන පළමු බෙල්ජියම් ජාතිකයා ලෙසය.

කෝට්රේ ගුවන්තොටුපොළට පැමිණි සාරා පිළිගැනීමට ඇගේ පවුලේ සාමාජිකයන්, යහළු යෙහෙළියන්, මාධ්‍ය කණ්ඩායමක් ද රැස්ව සිටි බව වාර්තා වේ. ගිනස් ලෝක වාර්තා කමිටුවේ නිලධාරීහු ද සාරාගේ පැමිණීම අපේක්ෂාව ගුවන්තොටුපොළේ රැඳී සිටි අතර පසුව ඇගේ වාර්තා ඇතුළත් කරමින් සහතික පත්‍ර ප්‍රදානයක් ද සිදු කළහ.

‘මා හිතුවාට වඩා ඒක අමාරු වික්‍රමයක්’ යැයි සාරා මාධ්‍යවේදීන් හමුවේ පැවැසුවේ, ඔවුන් ඇගේ වික්‍රමය ගැන අදහස් විමසද්දීය. ‘දැන් ඉතිං ටික දවසක් මා පොළොවේ පය ගහලා ඉන්න තීරණය කළා’ යැයි සාරා මාධ්‍ය හමුවේ පැවැසුවේ සිනාසෙමිනි. ගුවන් යානා පියාසර කිරීම, සාරා රදර්ෆර්ඩ් ට සහජයෙන් උරුම වූවකි. ඇය පැවැත එන්නේ ගුවන් නියමුවන්ගේ පවුලකිනි. ඇය ගුවන් යානා පැදවීම පුහුණු වූයේ වයස අවුරුදු 14 දීය.

ගුවන් නියමු බලපත්‍රය වසර 2020 දී ලබාගන්නා විට ඇගේ වයස අවුරුදු 17 කි. ලොව වටා සංචාරය අතරතුරේ පසුගිය දෙසැම්බර් මස අවසානයේ සාරා ශ්‍රී ලංකාවට ද පැමිණියාය. ඇගේ ගුවන් යානය ගොඩබෑවේ රත්මලාන ගුවන් තොටුපොළටය. එම අවස්ථාවේ සාරාට ලැබුණේ ඉතා උණුසුම් පිළිගැනීමකි.

දෙසැම්බර් 30 වැනිදා උදෑසන 9.00 ට, සාරා රත්මලාන ගුවන් තොටුපලෙන් පිටවී ඉන්දියාවේ කොයිම්බතුර් බලා පියසැරිය ආරම්භ කළාය. තමන් ශ්‍රී ලංකාවේ ගත කළ දෙදින ලබාගත් අත්දැකීම කිසිදිනක අමතක නොවන බවත්, ලංකාවේ තේ බොහෝ රසවත් බවත් සාරා පසුව පවසා තිබුණි.

ලොව වටා යෑමේ වික්‍රමයට සාරා රදර්ෆර්ඩ් ට අනුග්‍රහය ලබා දුන් සමාගම් කීපයකි. සේරා, පියාසර කළ කුඩා සැහැල්ලු ගුවන් යානය, ස්ලොවේකියාවේ ‘ෂාර්ක් ඒරෝ’ සමාගම විසින් ඇයට ලබා දුන් යානයකි. ආසන දෙකකින් සමන්විත එම ගුවන් යානයට පැයට සැතපුම් 186.4 ක වේගයකින් පියාසර කළ හැකි විය.

මීට පෙර, ලොව වටා තනිවම සැහැල්ලු ගුවන් යානයකින් ගොස් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවූ තැනැත්තිය තිස් හැවිරිදි අමෙරිකානු ජාතික ගුවන් නියමුවරියක වෙන ශෙෂ්ටා වයිස් ය. ඒ, 2017 දීය. ශෙෂ්ටා වයිස්ගේ වාර්තාව සාරා බිඳ දැමූ බව ගිනස් කමිටුව නිවේදනය කර ඇත. සාරා මෙම වික්‍රමය කළේ තනිවම වුවත්, ඇගේ සහායට වෙනම කණ්ඩායමක් පසුපසින් සිටි බව ද පැවැසෙයි.

සාරා රදර්ෆර්ඩ්, පසුගිය 2021 අගෝස්තු 18 වැනිදා බෙල්ජියමෙන් පියසැරිය ආරම්භ කරමින් පළමුවෙන් පැමිණියේ මහා බ්‍රිතාන්‍යයටය. අගෝස්තු 19 වැනිදා ඇය අයිස්ලන්තයටත්, අගෝස්තු 20 ග්‍රීන්ලන්තයටත් ගියාය. අගෝස්තු 23 වැනිදා ඇය කැනඩාවට ගිය අතර අගෝස්තු 23 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝක් බලා ගියාය. ඉන්පසු ඇය අගෝස්තු 31 සැන් සැල්වදෝර්, ටර්ක් සහ කයිකෝස් දූපත් රාජ්‍යයට, සැප්තැම්බර් 6 පැනමාවට, සැප්තැම්බර් 7 කොස්ටා රීකාවට මෙන්ම සැප්තැම්බර් 9 කොලොම්බියාවටත් ගියාය.

ඇමෙරිකාවේ ප්‍රධාන නගර කීපයකට ගිය සාරා, රුසියාව බලා ගියේ නොවැම්බර් පළමු වැනිදාය. එම ගමන දුෂ්කර මෙන්ම වෙහෙසකර එකක් වූ බව ඇය කියයි.

සාරා නොවැම්බර් 12 වැනිදා දකුණු කොරියාවටත්, ඉන්පසු දෙසැම්බර් 14 වැනිදා තායිවානයටත්, දෙසැම්බර් 15 වැනිදා පිලිපීනයටත්, දෙසැම්බර් 16 මැලේසියාවටත්, දෙසැම්බර් 24 ඉන්දුනීසියාටත්, දෙසැම්බර් 28 වැනිදා ශ්‍රී ලංකාවටත්, දෙසැම්බර් 30 වැනිදා ඉන්දියාවටත් ගියාය.

සාරා නව වසරේ පළමුවෙන්ම ගියේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයටය. ඒ, පසුගිය ජනවාරි දෙවැනිදාය. ඉන්පසු ඇය ජනවාරි 6 වැනිදා සෞදි අරාබියටත්, ජනවාරි 9 වැනිදා ග්‍රීසියටත්, ජනවාරි 14 වැනිදා බග්ලේරියාවටත්, ජනවාරි 15 ස්ලොවේකියාවටත්, 16 වැනිදා චෙක් ජනරජයටත් ගියාය. යළි බෙල්ජියම බලා පැමිණෙන්න පෙර ඇය ජර්මනියට ගියේ ජනවාරි 19 වැනිදාය. පෙරේදා (20) සාරා, කෝට්රේ බලා පැමිණියේ දින 155 ක ලොව වටා සංචාරය අවසන් කරමිණි.

(ඩේලිමේල්)



අදහස් (0)

ලොව වටා ගිය සාරා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 369 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2164 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1642 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site