ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය 2015 සිට මේ දක්වා පෞද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම හේතුවෙන් දැනට රජයට බිලියන 100 ක පමණ අලාභයක් සිදුවී ඇතැයි එම මුදල මහා බැංකු වංචාව හේතුවෙන් වූ අලාභය වන බිලියන 13 ටත් වඩා වැඩි බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ජාතික කැඳවුම්කරු සංජීව ධම්මික මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මෙසේ ප්‍රකාශ කලේ ගාල්ලේදී පැවති එම සංගමය විසින් අද (10) පැවැත්වූ මාධ්‍ය සාකච්චාවට එක් වෙමිනි.
විදුලි බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමේ අයිතිය සහ පාරිභෝගිකයාට විදුලිය ලබාදීමේදී වන මිල තීරණය කිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව සතු බලය විදුලිබල ඇමැති රවී කරුණානායක මහතා අතට පත්කර ගැනීමට කටයුතු යොදා ඇතැයි ද මෙම තත්වය ඉතාමත් අහිතකර තත්වයක් යැයි ඒ මහතා කීය.
2014 සිට මේ දක්වා අලුතින් කිසිම විදුලි බලාගාරයක් රජය මගින් ශ්‍රී ලංකාවේ ඉදිකර නැතැයි ද මෙම විදුලි අර්බුදයට එය හේතුවෙක් වී ඇතැයි ද කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.