IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ලංවීම පාඩු ලැබුවත් විදුලි බිල වැඩි කරන්නෑ

(නිමල කොඩිතුවක්කු)

ලංකා විදුලි බල මණ්ඩලය මේ වසර සඳහා ඇස්තමේන්තුගත අලාභය රුපියල් කෝටි අටදහසක් බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

එසේ වුවද විදුලි බිල වැඩි නොකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

තලංගම ලංකා විදුලි බල මණ්ඩලයේ  පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට අද (30) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

විදුලි බල මණ්ඩලය වාර්ෂික අලාභය මහවැලිය ඉදිකිරීමට යන වියදමට සමාන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

ලංකා විදුලි බල මණ්ඩලය මෙතරම් පාඩු ලැබීමේ වගකීම දේශපාලඥයන් බාර ගත යුතු බවද ඔහු පැවැසීය.

කොතරම් පාඩු ලැබුවද ලංකා විදුලිබල මණ්ඩලය කිසිම දිනෙක පෞද්ගලීකරණය කිරීමට තමන් ඉඩ නොතබන බවත් කී අමාත්‍යවරයා නිවැරදි තීන්දු තීරණ මගින් එම ආයතනය ලාබ ලබන ස්ථානයක් බවට හැකි ඉක්මනින් පත් කරන බවද සඳහන් කළේය.



අදහස් (11)

ලංවීම පාඩු ලැබුවත් විදුලි බිල වැඩි කරන්නෑ

Raveendra Wednesday, 30 January 2019 01:07 PM

අම්මපා මේ ගොයියා දැක්ක කල්... හැබෑවට කොහෙද වසන් වෙලා හිටියේ... නිකම් ලැබුණු ගේ ගැන අමතක ගොයියට ඉතින් උන්හිටි තැන් අමතක වෙන එක අරුමයක්යැ... ඒ එක්කම සතොසට, මහා බැංකුවට වෙච්ච දේ මතක් වෙනකොට " විදුලි බෝබිලොන්ටත් " දෙයියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා...!!!

:       82       74

sandy123 Wednesday, 30 January 2019 01:23 PM

අයියේ එන පොට හොඳ නැහැ. හොරු නැති, සල්ලි වාෂ්ප වෙන රටේ දේශපාලකයින් කියන්නේ එකක් කරන්නේ තවත් එකක් බව මුළුරටම දන්නවා...

:       1       54

Hafeel Wednesday, 30 January 2019 02:01 PM

ඔයා ඉතින් ආසියාවේ හොඳම මුදල් ඇමතිනේ... ඒ නිසා මේ ප්‍රශ්නය ඔයාට ලොකු දෙයක් නොවේ. ඉක්මනින් ආසියාවේ හොඳම බලශක්ති ඇමැතිවෙලා, තවත් සුපිරි නිවසක් තෑගි ලබා ගන්න.

:       1       54

RaveendraWednesday, 30 January 2019 02:43 PM

තරඟෙට ඉඳලා තියෙන්නේ මේ ගොයියා විතරමයි. තරග තීරකයා තමයි " අපේ මහා බැංකුවට ඇඩ්රස් නැති වෙන්නම දුන්න අර්ජුනයා" . ඉතින් හොඳටම මුදල් කාබාසිනියා වුනා.

:       67       137

Raveendra Wednesday, 30 January 2019 02:09 PM

රවී අයියේ කරුණක් අසමි. සතොසද හොඳ? බැංකුවද හොඳ? බැංකුවද හොඳ? විදුලියද හොඳ? සතොස හොඳයි කිව්වත් වැරදියි. බැංකු හොඳයි කිව්වත් වැරදියි. විදුලි හොඳයි කිව්වත් වැරදියි. එබැවින් නංගියේ මල්ලියේ පවසමි... ඔක්කොම ගොඩය කියා..

:       1       39

lanka Wednesday, 30 January 2019 02:19 PM

නමුත් අපි හැමෝම හොඳින්ම දන්නවා.. පාඩු ලබන ඕනෙම රාජ්‍ය ආයතනයක හිඟ මුදල් සොයා ගැනීමට වෙන ආකාරයකින් මහජනයා මත බදු පටවන්නට සිදුවන බව. එබැවින්, පාඩු ලබන රාජ්‍ය ආයතන ඇත්නම්, ඒවායේ හිඟය මහජනයා මත නොපැටවීමට ඇති හොඳම විකල්පය නම් එවැනි ආයතන පෞද්ගලීකරණය කිරීමයි.

:       0       0

chathuri Wednesday, 30 January 2019 09:54 PM

පළාත් සබා චන්දෙ. ඉවර වෙනකම්. නේද. .

:       0       0

Sriyal Thursday, 31 January 2019 01:54 AM

බැඳුම්කර සල්ලි වලින් පාඩුව පියවනවා. ජනතාවට බරක් දෙන්නේ නෑ..

:       0       0

Bamunuarachchi Thursday, 31 January 2019 02:26 AM

බිල වැඩි නොකරන්නේ කොපමණ කාලයකටද? විදුලි මණ්ඩලයේ වැටුප් සහ අනිකුත් දීමනා ගැනත් ජනතාව දැනුවත් කොරන්නකෝ. දැන් රජයට බදු හැරෙන්නට කිසිම ආදායම නැත. ඔබේ ඔය කතාව ළඟදීම විදුලි බිල වැඩි වීමේ ඉඟියක්.

:       0       0

Amila Thursday, 31 January 2019 02:43 AM

සූර්ය පැනලා හරහා විදුලිය උත්පාදනය කරන බලාගාර හොදට අව්ව තියෙන පැතිවල ආන්ඩුවෙන් කරා නම් ඔය ජලය සහ ඩීසල් බලාගාර වලට යන වියදම් සම්පුර්ණයෙන් අඩු කරගන්න පුලුවන්. ඒත් මෙවා වෙන්නේ නැත්තේ පුද්ගලික ඩීසල් බලාගාර අයිතිකරයෝ නිසා. එයාලගේ පදේට තමයි නිලධාරීන් වැඩ කරන්නේ.

:       0       0

Rohana Thursday, 31 January 2019 05:54 AM

ඔතරම් පාඩු ලබන්නේ දුෂණය නාස්තිය නිසා වෙන්න බැරිද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 143 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 989 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site