IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට ගොනුකළ පෙත්සම විභාගයට

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මිලියන 600 ක් වැය කරමින් සිල්රෙදි බෙදා දීමේ සිද්ධියට එවකට ජනාධිපති ලේකම්ව සිටි ලලිත් වීරතුංග මහතා අදාල මුදල් විදුලි සංදේශ ගිණුමට බැර කළත් ඒවා ඔහුගේ පෞද්ගලික පරිහරණයට ලබා ගෙන නැතැයි ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අය විසින් ගොනු කළ අභියාචනා පෙත්සම් අද (23) අභියාචනාධිකරණය විභාගයට ගත් අවස්ථාවේදී  ඒ මහත්වරුන් වෙනුවෙන් පෙනි සිටි නීතීඥ කංචන රත්වත්ත මහතා කියා සිටියේය.

ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට මහත්වරුන් විසින් ඉදිරිපත් කළ එම අභියාචන පෙත්සම් කුමුදිනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න මහත්මීන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (23)  සලකා බැලිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කංචන රත්වත්ත මහතා  කරුණු දක්වමින් මෙසේද කිය.

      “ලලිත් වීරතුංග මහතා අදාල මුදල් විදුලි සංදේශ ගිණුමට බැර කළත්  ඒවා ඔහුගේ පෞද්ගලික පරිහරණයට ලබා ගෙන නැහැ.මේ නඩුව මහාධිකරණයේදී විභාගයට ගෙන ඇත්තේ විනිසුරු පූර්ව නිගමන වලට එලැඹ ගෙනයි.නඩු තීන්දුවේ දේශපාලන වචන බහුලව භාවිතා කොට තිබෙනවා. තවද නඩු විභාගයේදී සාක්කිකරුවන්ට හිරිහැර වන ලෙස මහාධිකරණ විනිසුරු ප්‍රශ්න කර තිබෙනවා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා මෙසේද කීය.

        “ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සතු රුපියල් මිලියන 600 ක් වැය කරමින් සිල් රෙදි බෙදා දීමේ ව්‍යාපෘතිය සිදු කිරීමෙන් රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බවට පවරා තිබූ නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරයාගේ නඩු විමසීමේ ක්‍රියාකලාපය ගැටලු සහගතයි.

සාමාන්‍ය නඩු විභාගයකදී සහ නඩු තීන්දුවකදී භාවිතා කරන නීතිමය වචන වෙනුවට දේශපාලන වචන එම මහාධිකරණ නඩුවට ඇතුළු කර තිබෙනවා.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම හරහා  රජයට අයත් රුපියල් මිලියන 625 ක මුදල් අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට විත්තිකාර අභියාචකයින්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා නඩු විභාගයක් පැවතණි.

එම නඩු විභාගයේ තීන්දුව ඉකුත් 2017 සැප් 07 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී වැරදිකරු බවට තීන්දු කෙරුණු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා මිලියන 2 බැගින් වන දඩ මුදලක් සහ මිලියන 50 ක වන්දි මුදලක් නියම කළේය.

එම දඩ මුදල් හා සිර දඩුවම් නියම කර ඇති ආකාරය නීති විරෝධී යැයි  පෙන්වා දෙමින් අභියාචනා ඉදිරිපත් කරන පෙත්සම්කරුවන් එම දඬුවම අහෝසි කර තමන්ව සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

විත්තිකාර අභියාචක පෙත්සම්කරුවන් වන හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා නීතීඥ කාංචන රත්වත්තේ යන මහත්වරුන් පෙනී සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ ජයලක්ෂි සිල්වා මහත්මිය පෙනී සිටියහ.



අදහස් (1)

ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට ගොනුකළ පෙත්සම විභාගයට

saman Thursday, 23 July 2020 02:54 PM

මේ සිද්ධියේ මහ මොලකාරයා ලෙස සිටි සම්පත් අමරතුංග මහතා තවමත් නිදැල්ලේ. ඔහු තවත් සෙල්ලම් කරමින් සිටිනවා. කවුරු බලයට ආවත් සැන්ඩි වගේ ඔහුව පාවිච්චි කරනවා. මෙ රටේ උගත්තු නැද්ද මන්දා...? පසුගිය කාලය පුරා ජපුර විනාශ කරපු, ටයර් සංස්කෘතිය ඇති කරපු මිනිහා තවම නිදැල්ලේ...

:       0       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 209 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 385 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site