( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද (22) තීන්දු කළේය.
ඒ අනුව ලබන මාර්තු මස 13 වැනිදා තෙක් හිටපු ජනාධිපති ලේකම්වරයාගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හැරීමට අධිකරණය නියම කළේය.
ලලිත් වීරතුංග මහතා විසින් කළ ඉල්ලීමක් සළකා බැලූ දීපාලි විජේසුන්දර සහ රුවන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය කරන ලදී.
ලලිත් වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට ජනාධිපතිවරයා සමඟ ඉන්දියාවේ සංචාරය කිරීම සඳහා ඇරයුමක් ලැබී තිබෙන බැවින් අදාළ කාල සීමාව සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඬුල්ල විසින් වීරතුංග මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම මාර්තු මස 13 වැනිදා තෙක් ලිහිල් කිරීමට නියම කළේය.
සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු ලලිත් වීරතුංග මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ පනහක දඩයක් නියම කර ඇති අතර එම තීන්දුවට එරෙහිව විරතුංග මහතා විසින් අභියාචනාධිකරණය වෙත විශේෂ අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
එම අභියාචනයට අදාළව වීරතුංග මහතාට ඇප ලබා දීමේදී ඔහුගේ විදේශ ගමන් අභියාචනාධිකරණය විසින් තහනම් කර තිබිණි. එම තහනම තාවකාලික ලෙස ඉවත් කරන ලෙස ඉල්ලමින් වීරතුංග මහතා විසින් අද අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟට දුමින්ද සිල්වායි, තංගල්ලේ සභාපතියි එළියට ඇවිල්ලා මහමැතිවරණට තරඟ කරනවා. වෙනස සැපද?
එක එක සැරින් සැරේ ඕනේ නෑ.. බැරිද ඔය ඔක්කොම එක සැරේටම නිදහස් කරලා දාන්න..
අන්න එහෙමයි නියමයි...
මේ ආණ්ඩුව ළඟදීම ගෙදර යවයි වගේ... කෝ මේ හාමුදුරුවරු රට වෙනුවෙන් සටන් කරන...?
ඔන්න ඕකට තමයි කියන්නේ සිංහල බෞද්ධ ජනතාවට කොකා පෙන්නනවා කියලා...
පාවෙන ඡන්ද ගොඩ දැන් ඉස්සරට වඩා වැඩියි. ලක්ෂ විස්සක් හෝ තිහක් වගේ තියෙනවා ඒ ගොඩේ. මේ වෙන දේවල්වල හැටියට ඒ මිනිස්සු ගොඩ වෙනස් වෙන්න බොහෝදුරට ඉඩ තියෙනවා.. 2010 ලොකු රැල්ලක් වගේම ලක්ෂ විස්සකින් දින්නා.. 2015 ලක්ශ කීපයකින් පැරදුණා. දැන් ආයේ 2019 ලක්ෂ දහයකින් දින්නා. ඒක රැකගන්න වෙනවා. නැත්තම් ඉතින් ඉවරයි..
කොකා පෙන්නුවා නොවෙයි. එක්කෙනෙක් එළියට ගත්තා විතරයි.
නීතිය රටේ හැම දෙනාටම සමානයි. සමහරෙකුට වැඩියෙන් සමානයි. වෙනත් අයට අඩුවෙන් සමානයි. නීතිය මොකක්ද කලින් කියන්න බෑ. මොකද, සමහරු කතා කරන වචනෙ තමයි ඒ වෙලාවට නීතිය. ඊට පස්සෙ ඒකත් වෙනස් වෙනවා.
පෙරහරේ තාම කසකාරයෝ මේ එන්නේ... හොඳ සෙල්ලම් තව පස්සට අපේ හාමුදුරුවනේ..!!!
ඡන්දෙට අල්ලස් දීපු අය ගොඩ... තව ඉස්සහරට යනකොට තාජුදීන් මියගියේ රිය අනතුරකින් කියලා කිව්වොත් පුදුම වෙන්න එපා..
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු. ඔහොම යන් ඔහොම යන්... හොඳම ඇමැති මණ්ඩලයකුත් පත්කර ගත්තනේ.
අපේ රටේ අධිකරණයත් දූෂිත තත්වයට පත්වෙලා. දැන් නිදිපාල සිල්වානේ ඇමති. එයා නිදාගනියි.
ඡන්දෙ දුන්න ගෝත්‍රිකයින්ට තව මාස දෙක තුනකින් හතේ හත වදිනවා. අනිවාර්යයෙන්ම මේ ගොල්ලෝ බලෙන් බදු ගහනවාමයි. එ්කටම ගැලපෙන හොරු ටිකක් පාර්ලිමේන්තුවට පත්කර ගනීවි. මට නම් කමක් නැහැ. මට සල්ලි තියෙනවා. ඉඩකඩම් තියෙනවා. නමුත් මම නිතරම කතා කලේ විකල්පය බලයට ගෙනෙන්නටයි. ඒ මම මගේ රටට ආදරේ නිසයි. නමුත් රටේ වැඩිපුර ජනතාවක් දුක් විඳින්නට ආසා නිසා හොරු රැලකට ඡන්දය දීලා බලයට පත්කරගත්තා. කුම්බලා මාළු කෑවා නම් - විඳවපන් බළලෝ, කියලා කතාවක් තියෙනවනේ...
රාජ්‍ය නිලධාරියකුට නොගැලපෙන ලෙස 2015 දී මැතිවරණයට එක් අපේක්ෂකයෙක් වෙනුවෙන් ප්‍රචාරණ වැඩ කළා.