
(දසුන් රාජපක්ෂ)
වැඩ තහනමකට ලක්කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ, නීතිවිරෝධී ලෙස බව දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද(17) පැවසීය.
ලලිත් ජයසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට යොදාගත් , 2003 සැප්තැම්බර් 19 වන දින නිකුත් කළ විශේෂ චක්‍රලේඛය තුළ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට බලයක් ස්ථාපිත කර නොමැති බව ද ජනාධිපති කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.
2015 වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු කළ පුද්ගලයකු කහවත්තේදී ඝාතනය කළ සැකකරුගේ නම අධිකරණයට ඉදිරිපත් කරන බී වාර්තාවෙන් ඉවත් කරන ලෙස තමා බලපෑම් කළ බව සඳහන් කර, බොරු සාක්ෂි යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව පවසා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ජනාධිපති කොමිසමට කළ පැමිණිල්ල අද(17) යළි කැඳවූ අවස්ථාවේ එහි සභාපතිවරයා ඒ බව කියාසිටියේය.
එම විශේෂ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා බවත්, පොලිස්පතිවරයෙකුට එවැනි චක්‍රලේඛයක් නිකුත්කිරීමට බලයක් නොමැති බවත් කොමිසමේ සභාපතිවරයා කීය.
එම චක්‍රලේඛයට අනුව පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට බලය තිබුණද, පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කිසිදු බලයක් නොමැති බව සභාපතිවරයා කියාසිටියේය.
මෙම චක්‍රලේඛය යටතේ පත්කළ විශේෂ පොලිස් විමර්ශන ඒකකය නීතිවිරෝධීව පැමිණිලි 500කට අධික ප්‍රමාණයක් විභාග කොට ඇති බව උපාලි අබේරත්න මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතිය මත නීත්‍යානුකූල ලෙස අත්අඩංගුවට ගැනීම ප්‍රශ්නයක් නැහැ... නමුත් කොමිසමකට එවැනි බලයක් අප දන්නා තරමින් ලැබෙන්නට ක්‍රමයක් නැත..