( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන් විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු 13 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (11) තීන්දු කළේය.
සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවම් හා රුපියල් මිලියන 50ක වන්දියක් ද ගෙවන ලෙසට කළ නියෝගයට එරෙහිව මෙම අභියාචනය ඉදිරිපත් කෙරිණි.
එම අභියාචනා පෙත්සම් අද අභියාචනාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විනිසුරුවරයා මෙම අභියාචනා පෙත්සම් මාර්තු මස 13 වැනි දා විභාගයට ගැනීමට තීන්දු කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි, එච්චර කල් යන්නේ නෑ. ගෞරවාන්විතව ආපසු එයි. කවුරු හරි කිව්වද, හිරගෙදර යන්න ඕන එක්කෙනාව මං රජ ගෙදරට ඇරිය කියල. ඉස්සරහටත් එහෙමම තමයි. කොල්වින් ආර් ද සිල්වා කිව්වා වගේ 'නීතිය යනු ඔලු දෙකේ බූරුවෙකි'