IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලයිසන්එකේ ආයු කාලය වසරකින් දික් කරයි

(නිමල කොඩිතුවක්කු)

මෝටර් වාහන රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව තාවකාලිකව දීර්ඝ කිරිමට ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කටයුතු කර ඇත.

ඒ අනුව 2021 අප්‍රේල් මස 01 දිනයෙන් ආරම්භ වී 2021 සැප්තැම්බර් මස 30 දිනෙන් අවසන්වන කාලසීමාව තුල නිශ්චිත දිනයේ දී කල් ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලසීමාව ඉහත කල්ඉකුත්වීමේ දින සිට මාස 12 ක් දක්වා දීර්ඝ කොට ඇත.

එමෙන්ම රියදුරු බලපත්‍රයේ නිශ්චිතව දක්වා ඇති පරිදි 2021 ඔක්තෝබර් මස 01 දිනෙන් ආරම්භ වී 2022 මාර්තු 31 වන දිනෙන් අවසන්වන කාලසීමාව තුල නිශ්චිත දිනයේ දී කල් ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාල සීමාව ඉහත කල් ඉක්තුවීමේ දින සිට මාස 06 කින් ද දීර්ඝ කර ඇත.

මේ අනුව රියදුරු බලපත්‍රලාභීන් මෙම කාලසීමාවෙන් පසුව රියදුරු බලපත්‍ර අළුත්කිරීමේදී ප්‍රමාද ගාස්තුවශයෙන් අයකරනු ලබන දඩ මුදල ගෙවීමකින් තොරව රියදුරු බලපත්‍ර අළුත් කරගැනීමට හැකි වේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වසා තැබීම හේතුවෙන් රියදුරු බලපත්‍ර ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි පිරිස් ලක් වූ අපහසුතාව හේතුකොටගෙන මෙම තීරණය ගත් බව ද ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

 



අදහස් (1)

ලයිසන්එකේ ආයු කාලය වසරකින් දික් කරයි

chamila Monday, 04 October 2021 09:25 PM

එතකොට 2021 අප්‍රේල් 1 ට පෙර කල් ඉකුත්වුන බලපත්‍ර සඳහා ?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site