IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලියාපදිංචි නැති ඖෂධ අලෙවියෙන් ඉවත් කරයි

(තිලකරත්න දිසානායක)

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියකින් තොරව අතිරේක ආහාර වශයෙන් නම්කරමින් ඖෂධ ශාලාවල ඇති ඖෂධ වර්ග ඉවත් කිරීමට එම අධිකාරිය පියවර ගෙන ඇත. 

ඖෂධ නියාමන අධිකාරියෙහි ලියා පදිංචි කොට ඇති "කෝලකැල්සිෆෙරොල්"නමැති ඖෂධීය නාමයෙන් යුත් විටමින් ඩී - 3 අඩංගු ඖෂධ සහ එන්නත් වර්ග 19 ක් දැනට අලෙවිය පිනිස ඖෂධ ශාලාවල තබා ගැනීමට හැකි බවත් එම වර්ගයන්ට අයත් නොවන අතිරේක ආහාර ගණයට අයත් ඖෂධ වර්ග සියල්ල ඖෂධශාලා හිමිකරුවන් දැනුවත් කරමින් මෙලෙස ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය ආහාර හා ඖෂධ පරීක්ෂක අංශය සදහන් කරයි. 

මෙලෙස ලියා පදිංචි කොට ඇති ඖෂධ වර්ග වෛද්‍ය නිර්දේශයන් මත නිකුත් කෙරෙන මුත් අතිරේක ආහාර ගණයට අයත් ඖෂධ වර්ග වෛද්‍ය නිර්දේශයන් නොමැතිව ජනතාවට ලබා ගත හැකිවීමෙන් විවිධ සංකූලතා ඇති විය හැකි බව කළ විමසුමසකට පිළිතුරු දෙමින් ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක නීතීඥ වික්‍රමසේකර බණ්ඩාර මහතා පැවසීය. 

ඖෂධ නියාමන අධිකාරියෙහි ලියා පදිංචි නොකළ , අතිරේක ආහාර ගණයට අයත්  ඖෂධ වර්ග සොයා බැලීමකින් තොරව අලෙවිය පිනිස තබා ගැනීමෙන් වලකින ලෙස ඖෂධශාලා හිමිකරුවන් දැනුවත් කිරීමට

ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක අංශය පියවර ගෙන ඇත. 

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක වෛද්‍ය කමල් ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතාගේ අධීක්ෂණය මත දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වන නීතීඥ වික්‍රමසේකර බණ්ඩාර, ඒ.ජේ.එම්.නියාස් සහ ඩී.එම්.කරුණාරත්න යන මහත්වරුන් විසින් ගම්පහ ප්‍රදේශයෙහි ඖෂධශාලා හිමිකරුවන් දැනුවත් කරමින් එම ඖෂධ ඉවත් කිරීමට පියවර ගෙන ඇත. 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (1)

ලියාපදිංචි නැති ඖෂධ අලෙවියෙන් ඉවත් කරයි

Sri Lanka Friday, 09 July 2021 12:43 PM

ඔය හදන්නේ දේශීය බෙහෙත් ඉවත් කිරීම නම්.., අපි විරුද්ධයි..!!!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site