'කොවිඩ් 19' ඩෙල්ටා විකෘති ප්‍රභේදයටත් වඩා බිහිසුණු, එන්නත්වලින් මට්ටු කළ නොහැකි 'ලැම්බ්ඩා' විකෘති ප්‍රභේදය මේ වනවිට ලෝකයේ රටවල් 30 කට ව්‍යාප්තවී ඇති බවත්, ඒ ගැන විමසිල්ලෙන් පසුවන බවත්, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

'ලැම්බ්ඩා' යනු ලතින් ඇමෙරිකාවෙන් මතුවුණු 'කොවිඩ් 19' විකෘති ප්‍රභේදයයි. මෙහි ආරම්භය පේරු රාජ්‍යයෙනි. 'ලැම්බාඩා' විකෘතිය සම්බන්ධයෙන් මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමු වී ඇත.

මේ වනවිටත් 'ලැම්බ්ඩා' විකෘතිය සම්බන්ධයෙන් දත්ත සහ තොරතුරු එක් රැස් කර ගනිමින් පවතින බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා 'ඩේලි මිරර්' වෙබ් අඩවියට පවසා ඇත.

කෙසේ නමුත් 'ලැම්බ්ඩා' හෝ 'ඩෙල්ටා' විකෘතිවලින් පමණක් නොව සෙසු විකෘතිවලින් ද ආරක්ෂා වීමට මුහුණු ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය රැක ගැනීම අනිවාර්යය යැයි ද සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අවධාරණය කර තිබේ.

(ඩේලිමිරර්)