(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලබන අය වැයෙන් විශ්වකර්ම වැඩ ටිකක් පෙන්වන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ඒ විශ්වකර්ම වැඩ දැක සමහර විට විපක්ෂයට හොඳටම රිදෙනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
ඇමැතිවරයා මෙසේ පැවසුවේ එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝග, දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ මුදල් පනත යටතේ නියෝගය පිළිබඳ විවාදයේදීය.
අප මේ රට විකිණීමට පැමිණි ආණ්ඩුවක් නොව ආරක්ෂා කිරීමට පැමිණි ආණ්ඩුවක් බවත් අප රට ආරක්ෂා කිරීම දිගටම කරන බවත් ඔහු පැවසුවේය.
රටට විදේශ විනිමය ගෙන ඒමට කටයුතු කරගෙන යන බවද ඇමැතිවරයා කීවේය.
ජනතාවට රටේ ආර්ථික තත්ත්වය ගැන නිතර පෙන්වා දෙන බව පැවැසූ අබේගුණවර්ධන මහතා ජනාධිපතිවරයා රට ගොඩනැගීමේ වගකීම මැනවින් ඉටු කරන බවද සඳහන් කළේය.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද ඒ වගකීම මැනවින් ඉටු කරන බවත් එම වගකීම් ඉටු කරද්දි ගැටලු මතුවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
අප ඒ අභියෝග ජයගන්නා බවද ඔහු පැවසුවේය.
මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය ගත්තා සේම ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ආර්ථික යුද්ධය ජය ගන්නා බව රෝහිත අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය .
COMMENTS
කෝච්චි වල මාල කඩන්න ලයිසන් දෙනවාද දන්නේ නැහැ.
ඔබලාගේ ඔය සිල්ලර වචන වලට රැවටෙන පිරිසක් තවමත් ඇති. ඒත් බොහෝ දෙනා දන්නවා ඔය වචන වල අර්ථයක් නැති බවට. රට විකිණීම, අයවැය, යුද්ධය ඔය තැටිය හැමදාම ගහන්න බෑ. ජයගන්න ආර්ථික යුද්ධයක් තිබුණේ නෑ. හැමෝටම තේරෙනවා ජීවන බර. ජාතිවාදය, ජාතික ආරක්ෂාව, ආර්ථික යුද්ධ, හැමදේම ඔබලා කෘතිමව ඇති කරපු ප්‍රශ්න...
පුදුම දැනුමක් ඔහෙට තියෙන්නේ නිරූපමාට වගේ...
අනේ මහත්තයෝ ඔයාලා පහුගිය මාස ටිකට කරලා තියන විෂ්වකර්ම වැඩ හොඳටම ඇති...
අට පාස් ඇමතිලා වැඩ පෙන්නන්න දඟලනවා. ආචාර්ය මහාචාර්යවරු ඔවුන්ට පන්දම අල්ලාගෙන දඟලනවා. රටට ගිය කලක්...
ඔව් ඔව් අපි දැක්කා මහ කට්ටියගේ විශ්ව කර්ම වැඩ පැන්ඩෝරා ලිපි වලින්.
කයිවාරුව විතරයි
හැබෑද ?
ඒ කියන්නේ අත්‍යවශ්‍ය බඩු වල මිල තවත් ඉහල යනවා කියන එකද? මෙතෙක් කල් කල විශ්වකර්ම වැඩ එපමණයි
අපේ මෝඩ මිනිස්සු මේ අයට චන්දෙ දෙනවනේ
රසායනික ගින්නකට වතුර දාන්න කිව්වා වගේද
නූගත්කම පෙන්වන්න එපා
ඇයි ඩොලර් නැව මග එනවද? ඉක්මනට බාමු
දුප්පතෙක් දවසම මහන්සි වී දිනකට උපයන රුපියල් 2000ක් වගේ මුදලක් තවත් අයෙක් විනාඩි දෙකෙන් වගේ උපයනවා. දොස්තර කෙනෙක්ගේ චැනල් ගාස්තු ඒ වගේ.. ඉතින් මෙතරම් විෂමතාවයක් තිබීම සාධාරණයිද? එම නිසා ආදායම් මට්ටම් අනුව වැඩිවන පරිදි බදු වැඩිකර එම මුදල් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහත දැමීමට යොදා ගෙන දුප්පතාට සහනයක් ලබාදීම සුසුදුයි.
බයියොනම් කියයි ශා නියමයි කියල. විපක්ෂයට විතරක් නෙවෙයි මුළු රටටම රිදෙන්න දෙයි වගේ
මෙයාලා කරලා තියෙන විෂ්මකර්ම වැඩ ගැනත් අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ
මෙයා හරිම අවංක දක්ෂයෙක්. ජනතා හිතවාදියෙක්
පොඩ්ඩක් ඉන්නකෝ.... මැතිවරණයක් එනකන්. අපිත් පෙන්නන්නම් විශ්වකර්ම වැඩක්
හැටනමලක්ශයක් ජනතාව අපේ රට පාලනය කරන්න ඔබ වැනි වියතුන් පත්කිරීම ගැන ඔවුන් බෙහෙවින් සතුටුවනවා ඇත. ඔබ කතාකරන මොහොතක් පාසා ඔවුන් උද්දාමයට පත්වනවා ඇත.
අම්මෝ බයත් හිතෙනවා
වැඩිය කට අරින්න එපා නුගත්කම පේනවා
එන වතාවේවත් කලුතර ජනතාවට විශ්වකර්ම නැතත් අබ ඇටයක් තරම වත් මොලයක් පහළ වේවා
බලමුකෝ කරන හැටි. ඒ කෙසේවෙතත් ජනතාව නම් විශ්ව කර්මයක් කරයි
ඩොලර් නැව එනව ඇති.
පික් පොකට් කරුවන් පුහුණු කරන්න වෘර්තිය පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීමට මුදල් වෙන් කරනවා
මොළ හතානෝගේ 'විශ්වකර්ම' අපි දැන් බල බලා ඉන්නේ. තව ඒවා ඉදිරියේදී බලන්නත් පුළුවන්ලු.
මේවගේ අය කියන ඒවා ප්‍රසිද්ධ කරන එකනේ වැඩේ.
මොකක්ද දන්නේ නැහැ, කරන්ඩ හදන විෂ්මකර්ම වැඩ .හන්දෙන් හාල් ගේන්ඩ හිතාගෙන ඇති. මේ කතාවලට කොහෙන් හිනා වෙන්ඩද මන්දා ?
ජනතාවත් එක්කම අපේ රට උගස් තියනවද ?