(රංජන් කස්තුරි)
බෝවන රෝග බහුලවීමට හේතුවක් වන්නේ අධික ලුණු පරිභෝජනය වන අතර ලංකාවේ ජනතාව අධික ලෙස ලුණු පරිභෝජනයට හුරුව ඇතැයි සමීක්ෂණයකින් හෙළි වු බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය රේණුක ජයතිස්ස මහත්මිය පවසන්නීය.
එදිනෙදා නිවසේ භාවිතා කරන ආහාරවලට ලුණු මිශ්‍ර කිරීමේදී හිතාමතා ලුණු ප්‍රමාණය අඩුවෙන් යෙදිමට කටයුතු කරන්නේ නම් එය ඉතා හොඳ සෞඛ්‍ය පුරුද්දක් බව ද රේණුකා ජයතිස්ස මහත්මිය කියන්නීය.
බත් පිසීමේදී ලුණු ස්වල්පයක් දැමී අනවශ්‍ය දෙයක් යැයි ද කරවල පොල්වතුරට දමා පැය භාගයක් තැබීමෙන් අධික ලුණගහණය ඉවත් කර ගත හැකි බව ද කීවාය.
COMMENTS
එතකොට ඇමෙරිකාවල වැඩිම රෝගීන් මැරුණේ ලුණු කාලාද? සමයං කතා... මේවා කෑගල්ලේ පැණි වගේ..
ඇත්ත. අධික ලුණු පරිභෝජනය හෘද රෝග රාශියකට හේතු වෙනවා. අද රටේ අධික ලුණු පරිභෝජනයට එක් හේතුවක් නම්, හෝටල් වලින් කෑම ගැනීමයි. බොහෝ හෝටල්වල අාහාර දිගු කාලයක් නරක් නොවී තබා ගැනීමට ලුණු භාවිතා කරනවා.
ලංකාවේ මිනිස්සු ලුණු කන්නේ සිංහල රජ කාලේ ඉඳන්.. ඔය යස අගේට යුද්ධත් කරලා, සංවර්ධනෙත් කරලා, අදටත් පවතින වැව් අමුණු හැදුවේ කොහොමද?
මෙහි බෝවෙන රෝගද? බෝ නොවන රෝගද? කියා නැවත තහවුරු කරගත යුතුයි.
ගොඩක් හොඳ දෙයක් .නමුත් ක්‍රමයෙන් හුරු විය යුතු දෙයක්
ක්‍රීයාශීලී ජීවන රටාවක් නැති කමයි මේ සියල්ලට හේතුව.කෘෂිකර්මය උපාධිය තියෙන කෙනත් ටයි එකක් දාගෙන කාර්යාලයක. තම තමන් දැනගන්න ඕන සිරුරට අවශ්‍ය එදිනෙදා ව්‍යායාම කරගන්න. ක්ෂණික ආහාරවලින් වලකින්න