(අජන්ත කුමාර අගලකඩ)
ගෑස් සමාගම් වෙළඳපොළට අලුතින් හඳුන්වා දී ඇති ලීටර් 18 ගෑස් සිලින්ඩර සඳහා රුපියල් 1150ක උපරිම සිල්ලර මිලක් නියම කිරීම කෙරෙහි වෙළෙඳ අමාත්‍යාංශය අවධානය යොමු වී ඇත.
ඊට අදාළ කැබිනට් සංදේශයක් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කරනු ලැබ ඇතැයි දැනගන්නට තිබේ.
දැනට මෙම නව ගෑස් සිලින්ඩර අලෙවි කෙරෙන මිල රුපියල් 1393 කි.
මෙම නව ගෑස් සිලින්ඩරය හඳුන්වා දීම හරහා ගෑස් සමාගම් පාරිභෝගිකයා නොමඟ යවන බව ද ඇමතිවරයා පෙන්වා දී ඇත .
එබැවින් මෙම නව ගෑස් සිලින්ඩරය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන ලෙසත් ,එහි ගෑස් ප්‍රමාණය ලීටර වලින් නොව බර අනුව සඳහන් කරන ලෙසත් ඇමතිවරයා ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
නව ගෑස් ගෑස් සිලින්ඩරයේ අඩංගු ගෑස් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 9.5 ක් පමණ වන බව පැවසේ .
COMMENTS
මගුලක් කරන්නේ නැතිව කිලෝග්‍රෑම් 12.5 දුන්නා නම් ඉවරයිනේ...
හොරා හොරකම් කරලා අහු වුණාට පස්සේ බඩු ටික දීලා වැඩේ ශේප් කළා වගේ වැඩක් නේද මහත්තයෝ? උඩ පැනගෙන නඩුත් දැම්ම කිව්වා නේද?
ආචාර්ය වෙළඳ ඇමති මහජනයා දෙවැදෑරුම් සූරාකෑමකට ලක් වෙනවා. අඩු බර වැඩි මිල සහ ඉක්මනින් ඉවර වෙනකොට ප්‍රවාහන ගාස්තු.... මොනවා වුනත් කරදරේ මහජනයාට.... කවදා හෝ නුඹලාට දඬුවම් ලැබෙනවා මිනිස්සු සාප කරන විදිහට...
අපි කොහොමද ලීටර බලන්නේ? මේක හොරා කෑමක්... අප ගොනාට අන්දන්නේ නැතිව ගාන වැඩිකළා නම් ඉවරයිනේ...
මේවා ඔක්කෝම සුරංගනා කතා .කෙරන දේවල් නෙවෙයි .ඒ අතරතුර ලිට්රෝ සමාගම මිනිස්සුන්ව ගසා කනවා .කිසිම දෙයක් හරියට කරගන්න බැරි උඹලාට සාප වේවා
පාඩු ලබනවා කියන ගෑස් සමාගම විශාල වියදමක් දරා අලුතෙන් වෙනස් ආකාරයකට ගෑස් සිලින්ඩර් නිපදවන්නේ මොකද