IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


ලීටර් 18 ගෑස් සිලින්ඩර්වලට උපරිම මිලක් දෙන්න යයි

(අජන්ත කුමාර අගලකඩ)

ගෑස් සමාගම් වෙළඳපොළට අලුතින් හඳුන්වා දී ඇති ලීටර් 18 ගෑස් සිලින්ඩර සඳහා රුපියල් 1150ක උපරිම සිල්ලර මිලක් නියම කිරීම කෙරෙහි වෙළෙඳ අමාත්‍යාංශය අවධානය යොමු වී ඇත.

ඊට අදාළ කැබිනට් සංදේශයක් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කරනු ලැබ ඇතැයි දැනගන්නට තිබේ.

දැනට මෙම නව ගෑස් සිලින්ඩර අලෙවි කෙරෙන මිල රුපියල් 1393 කි.

මෙම නව ගෑස් සිලින්ඩරය හඳුන්වා දීම හරහා ගෑස් සමාගම් පාරිභෝගිකයා නොමඟ යවන බව ද ඇමතිවරයා පෙන්වා දී ඇත .

එබැවින් මෙම නව ගෑස් සිලින්ඩරය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන ලෙසත් ,එහි ගෑස් ප්‍රමාණය ලීටර වලින් නොව බර අනුව සඳහන් කරන ලෙසත් ඇමතිවරයා ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

නව ගෑස් ගෑස් සිලින්ඩරයේ අඩංගු ගෑස් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 9.5 ක් පමණ වන බව පැවසේ .

 



අදහස් (7)

ලීටර් 18 ගෑස් සිලින්ඩර්වලට උපරිම මිලක් දෙන්න යයි

wicky Sunday, 11 July 2021 07:13 PM

මගුලක් කරන්නේ නැතිව කිලෝග්‍රෑම් 12.5 දුන්නා නම් ඉවරයිනේ...

:       0       137

WCA Sunday, 11 July 2021 07:45 PM

හොරා හොරකම් කරලා අහු වුණාට පස්සේ බඩු ටික දීලා වැඩේ ශේප් කළා වගේ වැඩක් නේද මහත්තයෝ? උඩ පැනගෙන නඩුත් දැම්ම කිව්වා නේද?

:       0       231

ලලිත් එම් Sunday, 11 July 2021 08:10 PM

ආචාර්ය වෙළඳ ඇමති මහජනයා දෙවැදෑරුම් සූරාකෑමකට ලක් වෙනවා. අඩු බර වැඩි මිල සහ ඉක්මනින් ඉවර වෙනකොට ප්‍රවාහන ගාස්තු.... මොනවා වුනත් කරදරේ මහජනයාට.... කවදා හෝ නුඹලාට දඬුවම් ලැබෙනවා මිනිස්සු සාප කරන විදිහට...

:       0       399

අප්පුහාමිMonday, 12 July 2021 07:08 AM

පසුගිය දිනක මුන්දෑ කිව්වා ගෑස් මිල වැඩිකරන්නේ නැහැ කියල.නමුත් කරල තියෙන්නෙ ගෑස්වල බර අඩුකරල මිලත් චුට්ටක් අඩුකිරීමයි.වෙනද මාස එක හමාරකට ප්‍රමාණවත් සිලින්ඩරය දැන් ඇතිවෙන්නේ මාසයකටත් අඩුකාලයකට.ඉතින් අපිට පාඩු දෙකක් වෙනවා.එකක් ගෑස් වලට වැඩි මිලක් ගෙවීම දෙවැන්න ප්‍රවාහන ගාස්තු වැඩිවීම. ඇදුරුතුමෝ කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිණිසේ සිහිකර ගන්න.

:       0       0

Ratnayake Sunday, 11 July 2021 09:04 PM

අපි කොහොමද ලීටර බලන්නේ? මේක හොරා කෑමක්... අප ගොනාට අන්දන්නේ නැතිව ගාන වැඩිකළා නම් ඉවරයිනේ...

:       0       103

Sunil Monday, 12 July 2021 07:37 AM

මේවා ඔක්කෝම සුරංගනා කතා .කෙරන දේවල් නෙවෙයි .ඒ අතරතුර ලිට්රෝ සමාගම මිනිස්සුන්ව ගසා කනවා .කිසිම දෙයක් හරියට කරගන්න බැරි උඹලාට සාප වේවා

:       0       0

dhamneth Monday, 12 July 2021 09:02 AM

පාඩු ලබනවා කියන ගෑස් සමාගම විශාල වියදමක් දරා අලුතෙන් වෙනස් ආකාරයකට ගෑස් සිලින්ඩර් නිපදවන්නේ මොකද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 73 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 902 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2529 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site