(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් සමාගම සපයන එල්.පී. ගෑස් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් බව සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජාතික එල්.පී. ගෑස් සැපයුම්කරු ලෙස සමස්ත වෙළෙන්දපොළ ඉල්ලුමෙන් සියයට 75 කට වඩා වැඩි කොටසක් සපයන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ආනයනය කරන එල්.පී. ගෑස්වල සංයෝගය වන ප්‍රොපේන් සහ බියුටේන් ජාත්‍යන්තර සම්මිශ්‍රණයට අනුව ආනයනය කරන බවත් ජාත්‍යන්තර වෙළෙදපොළෙන් ගෑස් නැව්ගතකරන අවස්ථාවේ මෙන්ම ඒවා කෙරවලපිටියේදී ගොඩබාන අවස්ථාවේදී යන අවස්ථා දෙකේදීම ඒවායේ සංයුතිය පරික්ෂා කර සහතික කරන බවත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ පුෂ්පකුමාර එදිරිසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ  ගොඩබෑමෙන් පසු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට සහ දැඩි ආරක්ෂිත ප්‍රමිතීන් යටතේ ඒවා ප්‍රමිතියෙන් උසස් සිලින්ඩර්වලට පුරවන බව පවසන ලිට්‍රෝ ගෑස් සමාගම එහිදී ජාත්‍යන්තර මිශ්‍රණය සඳහා කිසිඳු එකතුකිරීමක් මෙරටදී නොකරන බව ද අවධාරණ්‍ය කරයි.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ආනයනය කරන ගෑස් සඳහා තත්ත්ව පරීක්ෂණ සහතික ඨෑධ-ක්‍්‍යෑඵ ඛ්බන් :ඡඩඑ* ඛඑා යන ස්වාධීන ආයතනය ලබාදෙන බව කී එම සමාගම ජාත්‍යන්තරව පිළිගනු ලබන එම ආයතනය ටෙන්ඩර් පටිපාටිය යටතේ ගෑස් මිලදී ගන්නා විට ප්‍රමිති සහතික සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාත්‍යන්තර ආයතනයක් මෙන්ම පසු ගිය වසර 5 කට වැඩි කාලයක සිට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම එම ප්‍රමිතීන් අනුගමනය කරන බව ද වැඩි දුරටත් සඳහන් කරයි.