
(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකාර වසන්ත එදිරිසංහ මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ ප්‍රදේශය කාර්යාලයට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.
ව්‍යාජ අධ්‍යාපන සහතික පත්‍ර ඉදිරිපත් කර උසස්වීම් ලබාගැනීම ඇතුළු විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන 100 කට අධික ප්‍රමාණයක් සිදුකරමින් තිබියදී ඒ මහතාට මෙම ස්ථාන මාරුව ලැබී තිබේ.
වෘත්තීය සමිති නියෝජිතයන් සම්බන්ධ විමර්ශන රැසක් ඒ අතර ඇති බවද ලංගම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙයට අමතරව ප්‍රධාන ආරක්ෂක නිලධාරී තනතුරේ සහ විශේෂ විමර්ශන ඒකකයේ කටයුතු කළ පළවෙනි ශ්‍රේණියේ නිලධාරියකු වන ඉන්දික චන්දිමාල් සිල්වා මහතා වරකපොළ උප ඩිපෝව වෙත මාරුකර යවා ඇත.
ඔහු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පාලන ලෙස ද කලක් කටයුතු කළේය.
මෙම ස්ථාන මාරුවීම හේතුවෙන් එම සියලුම විමර්ශන වලට බාධා එල්ල වී ඇති අතර එම තනතුරු සඳහා මෙතෙක් කිසිවකුත් පත්කර නොමැති වීමද විශේෂත්වයකි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී සාගර වඩුගේ මහතාගෙන් කළ විමසීමකදී එම නිලධාරීන් වෙත ස්තාන මාරුවීම් ලබාදී ඇති බව තහවුරු කළේය.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලංගමේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරුට ස්ථාන මාරුවක්
මුණසිංහ Monday, 14 September 2020 12:31 PM
ආ.. එහෙමත් එකක් තිබිලා තියෙනවා. අදයි දන්නේ...!