IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ලංගම බසය තෙල් නැතිව පාර මැදම හිටී

(සුමිත් පොතුපිටිය)

කොළඹ සිට මාතර බලා ගමන් ගත් ශ්‍රී ලංගම බස් රථයක් ඩීසල් නොමැතිව අද උදෑසන කළුතර නගර මධ්‍යයේ නතරවීමෙන් එහි ගමන් ගත් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත.

කොළඹින් මාතර බලා ධාවනය වූ මාතර ඩිපෝවට අයත් එම බසය කළුතර මැදපාරේ උදෑසන 9 ට පමණ නතරවී තිබේ.

ඒ  වනවිට මගීන් 80 කට ආසන්න පිරිසක් රථයේ ගමන් කරමින් සිට ඇති අතර, ඔවුන් වෙනත් බස් රථ වලට යොමුකල බව රියදුරු මහතා පැවසීය .

අනතුරුව කලුතර ඩිපෝවට දැනුම්දී ඩීසල් රැගත් ලංගම කාර්මිකයින් පැමිණ බස් රථය පෙරවරු 10.30 ට පමණ යලි පණගන්වන අයුරු දැකගත හැකිවිය .

 



අදහස් (11)

ලංගම බසය තෙල් නැතිව පාර මැදම හිටී

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 23 February 2022 01:13 PM

කවදා වෙච්චි වැඩද මේවා..? හැබෑටම...! 

:       9       45

HemaWednesday, 23 February 2022 01:53 PM

අපි තමයි හොඳටම කළේ.., දැන් සැපද?

:       6       46

යකාගෙ නීතියWednesday, 23 February 2022 02:01 PM

සමිත මහත්මයෝ, මෙතන කඩාකප්පල්කාරී ක්‍රියාවක් තිබේ කියා ඔබට නොපෙනේද? කොළඹින් මාතර බලා පිටත්වෙන බසයක් ඉන්ධන නොමැතිව කළුතරදී නැවතිලා. වරද කාගේද? රියදුරා බසය පණගන්වනකොට සොයා බලන්නේ නැතුව ඇති නේද කොපමණ ඩීසල් තියනවාද කියා...? හැම පුවතකටම ඔබ මුලින්ම කමෙන්ට් කරන්නේ රුපියල් 2000ට කා වෙනුවෙන්ද ලියන්නේ? කමක් නැහැ... අති උත්තම ජයවර්ධන උතුමාණන්ගේ සංකල්පය අනුව, බල්ලන් මරලා හරි දවසේ ගතමනාව හොයාගන්න. ඔබ දුරගමනක් යන්න පිටත් වෙනවද? වාහනේ ඉන්ධන කට්ට බින්දුවේ තියෙද්දී... පිස්සුනේ...

:       66       26

නන්දසේනWednesday, 23 February 2022 02:36 PM

සමිත කියන කෙනා පෞරුෂ හීනතාවයකින් පෙළෙන්නෙක් කියන එක පැහැදිලියි.. අනිත් එක තමයි යන්න කළින් බැලුවත් පුරවා ගන්න ඩීසල් නැති හින්දා තමයි ඔය වැඩේවෙලා තියෙන්නේ...

:       35       13

බස්තියන් Wednesday, 23 February 2022 05:07 PM

මෙම අදහසේ මුල් කොටස ඉතාමත් නිවැරදියි. බසය මාතරින්, කොළඹට ගිහිල්ලා ආපසු යනතුරු අවශ්‍ය ඩීසල් තිබේද බලා නැහැ. ලංගම බස්වලට හැම තැනින්ම ඩීසල් ගන්න බැහැ ඩීසල් නැත්නම් ගියේ මොකටද? අතීතයේ සිට ලංගම නැතිවීමට මෙවැනි රියදුරන් වගකිව යුතුයි. මෙහි සම්පූර්ණ වරද රියදුරු බාර ගතයුතුයි.. මෙම ඩිපෝවේ ධාවන කළමනාකරුවකු නැද්ද?

:       7       7

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 23 February 2022 08:40 PM

මෙයට පිළිතුරු ලියා ඇති අය ගැන කණගාටුයි. මේ අය කියා ඇත්තේ රියැදුරා මීටර බලා නැති බවයි. ඒ බව මේ අය දිවැසින් දකින්නට ඇති.. මොනවද මේ බොළඳ කතා..? මේ රියැදුරා මේ බස් එක පැදවූවේ මෙවර පමණක් නොවේ. ඔහු ගැන වැරදි අදහස් දක්වන රාජ්‍ය ගැති අය මේ දිනවල ඩීසල් පෙට්‍රල් නැතිව අදහස් දක්වන්නේ අඳයන් මෙනි. ප්‍රවෘත්ති බලන්නේ නැතිද? අඩුම තරමේ මේ පුවතට ඉහළින් ඇති තෙල් හා සම්බන්ධ පුවත හෝ කියවා දැනුවත් වෙන්න. ඇත්ත මෙයයි. මේ දිනවල රටේ ඩීසල් පෙට්‍රල් නැහැ. ඒ බව නොදන්නේ ළදරුවන් පමණයි. මේ තෙල් හිඟය නිසා බසයට තෙල් ගැහුවේ සෑහේ යැයි සිතෙනා ප්‍රමාණයටයි. බොස බොස ගාමින් දුවන මේ අබලන් ශ්‍රීලංගම බස්වල ලීටරයට දුවන ගණන කියන්න වයිමාටවත් බැහැ. සීමිත ඩීසල් ප්‍රමාණයක් ගැසූ නිසා රථය තෙල් නැතිව මග නතර වුණා. මෙය තමයි ඇත්ත. රටේ තෙල් විතරක් නෙමෙයි පිටි පැකට් එකක් හොයාගන්නට බැහැ. ඇත්ත එයයි. මගේ පෞරුෂය ගැන කියූ කෙනාගේ අනුවණකම ගැන මම තතු දනිමි...

:       4       12

ThusithaThursday, 24 February 2022 06:17 AM

එහෙයියෙක් වෙලා කමෙන්ට් දානවට කීයක් ගෙවනවාද??

:       0       0

Raveendra Wednesday, 23 February 2022 02:59 PM

අපට නම් "මොකා" බලයේ හිටියත් අදාලම නැත". අප ඔය එකෙකුගෙන්වත්, යැපෙන්නන් නොවන බැවිනි". මධ්‍යස්ථව සිතීමට හැකි මිනිසුන්ට නම් පෙනෙන එක් දෙයක් ඇත. මෙතෙක් කල් ධාවනය වූ මෙම බස්රථය "අදම" ඉන්ධන නැතිව නතරවීම පිටුපස නිවට අරමුණක් ඇති බව හොඳින්ම පැහැදිලිය. නොඑසේනම් මේ රියදුරා මෙම මාර්ගයට නවකයකි. එයද සිදුවිය නොහැකිය. මක්නිසාදයත් රියදුරාගේ මූලික වගකීමක් ගමනට අවශ්‍ය ඉන්ධන නිසිලෙස තිබේද, තිරිංග හොඳින් ක්‍රියා කරන්නේද, එන්ජින් ඔයිල් මට්ටම, රේඩියටර් වතුර මට්ටම, ටයර්වල පීඩනය නිසිලෙස තිබේද, විදුලි බල්බ ක්‍රියා කරන්නේද යන මූලික කරුණ සොයා බැලීම. (අපගේ අදහස් වැරදියි නම් කිසිවෙකුට හෝ අපව නිවැරදි කිරීමට හැකිය.) එබැවින් මෙය (කිනම් හෝ දේශපාලුවෙකුගේ) බලය වෙනුවෙන්ම ඕනෑම බලු වැඩක් කිරීමට පසුබට නොවෙන දේශපාලන සංස්කෘතියේ අවලං ක්‍රියාවක් ලෙසය. අප රටේ තිබෙන කිසියම් හෝ පක්ෂයක ගොට්ටන්ට, පක්කලියන්ට අපගේ මෙම අදහස් ගැරඬියාට සල්ෆියුරික් ඇසිඩ් ගෑවුණා සේ දැනෙනු ඇත...

:       8       22

fairoos Wednesday, 23 February 2022 03:35 PM

සර් ෆේල්... බයියන්ට ඒක තේරෙන්න කල් යයි.

:       12       8

රසිකWednesday, 23 February 2022 04:49 PM

රියදුරන්ට තමාගේ රැකියාව කරන අයුරු කියාදීමත් සර්ගේ වැඩක්ද?

:       7       11

uk ran Thursday, 24 February 2022 05:10 PM

රියදුරු ශුවර් එකට එජාපය හරි, ජවිපය හරි වෙන්න ඇති... කවුරු වුණත් ආණ්ඩු විරෝධී පොරක්... එයා දන්නේ නැහැ බස් එකේ ඩීසල් නෑ කියලා..!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 657 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 587 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 1643 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 215 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 293 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 216 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 42 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1297 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site