
(මැදිරිගිරිය-චාපා මධුභාෂිණී)
බාලවයස්කාර දැරියන් අපයෝජනයට ලක්කිරීටම එරෙහිව මැදිරිගිරිය අබයපුරගම ජී.පී.එස් හන්දිය ප්‍රදේශයේ අද ප්‍රදේශවාසීහු පිරිසක් විරෝධතාවයක නිරත වූහ.
මැදිරිගිරිය කොටසේ ප්‍රධාන සංඝනායක ශ්‍රි අබයවර්ධනාරාමයේ විහාරාධිපති ජයන්තිපුර ජිනරතන හිමියන්ද වැඩම කර සිටියහ.
කුඩා දැරියක් පුද්ගලයින් සිව්දෙනකු කාමර පහසුකම් ලැගුම්හලකට බලහත්කාරයෙන් රැගෙන ගොස් පසුගිය දිනක අපයෝජනය කළ බව කියන සිද්ධියට අදාලව ප්‍රදේශවාසීහු මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.
බාලවයස්කාර දරුවන්ට මෙම අපරාධය සිදු කිරීමට කාමර පහසුකම් ලබා දෙන ස්ථානයන්හි හිමිකරුවන් අවස්ථාව ලබා දෙන බව විරෝධතාකරුවෝ වැඩිදුරටත් කියා සිටියහ.
මෙම තත්ත්වය හමුවේ තම දරුවන් ආරක්ෂා කර ගැනීමට මෙම ස්ථායන්හි උත්සව අවස්ථාවන් පමණක් කිරීමට අවස්ථාව සලසාදී කාමර පහසුකම් ලබාදීම නවතා දැමීමට කටයුතු කරන ලෙස ඔවුන් කියා සිටියහ.

COMMENTS
සමාජයට ඉතාම හිතකර යෝජනාවක්. විශේෂයෙන් මීගමුව ප්‍රදේශයේ සෑම අස්සක් මුල්ලක් නෑර මේ රූම්ස් යනුවෙන් සඳහන් බෝඩ් එල්ලා ඇති නිවාස ඇත. මේවායේ පාසල් යන වයසේ සිසු සිසුවියන් ඕනෑතරම් තම ඕනා එපාකම් සිදු කරගනී. මිගමුව පොලිසිය මේ පිළිබඳව නැසූ කන්ව සිටින්නේ ප්‍රදේශයේ පොහොට්ටුවාගේ බලපෑමටද කියා මීගමු ජනතාව අසති. පොලිසියට නොහැකිනම් ගමේ ජනතාව මේ රූම්ස් කඩා බිඳ දැමීමට සූදානමින් සිටිති.