(නිමල කොඩිතුවක්කු)
අධිවේගී මාර්ග සදහා ඉදිරියේදී තවත් අධි සුඛෝපබෝගී බස් රථ 35 ක් මිලදී ගන්නා බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ මහතා පැවසීය.
පසුගියදා ධාවනයට එක් කළ අධි සුඛෝගබෝගී බස් රථ 9 ට අමතරව මෙම බස්රථ මිලදී ගන්නා බවත් සභාපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඉදිරි සැලසුම් ගැන රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
මෙම වැඩපිළිවෙළට සමගාමීව ඉදිරියේදී සාමාන්‍ය බස් රථ 2000 ක් මාර්ගවලට අලූතින් එක් කිරීමට සැලසුම් කර ඇති බවත් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේය.
ගුණාත්මක මගී ප‍්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාම අරමුණින් මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවැසිය.
COMMENTS
පුළුවන් නම් පුද්ගලික බස් සේවයට ආදේශකයක් කරලා මහා ජනතාවට වාඩි වෙලා යන්න පුළුවන් තැනකට ගේන්න පොල් පටවන්න වගේ නැතුව
ලංගමට හොද රියදුරන් බඳවගන්න
ගුණාත්මක මගී ප්‍රවාහන සේවයක් විමට නම් ගුණාත්මක බස් සේවක පිරිසක් ඇති කලයුතුයි. මාටියා ගහන කොන්දොස්තරවරුන් සිටින තුරු ලංගමය ගොඩගන්න බැහැ. ඕනනම් නාරාහේන්පිට බස් නැවතුමෙන් ලංගම බසයකට රහසිගතව නැගී බලන්න
හොඳ වැඩක් අහන්නත් සතුටුයි.