IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලේඛක ශක්තික සත්කුමාරට ඇප

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

කෙටිකතාවක් රචනා කිරීමෙන් බෞද්ධාගමට අපහාස කළ බවට චෝදනා ලැබූ 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ බන්ධනාගාර ගතව සිටි ලේඛක ශක්තික සත්කුමාර ඇපමත මුදාහැරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (05) නියෝග කළාය.

ලේඛකයකු හා පුවත්පත්  විශේෂාංග ලිපි රචකයෙකු වන, දෙලංකාගේ සමීර ශක්තික සත්කුමාර (33) නැමැති අයට  මෙසේ ඇප නියම කෙරිණ.

දින 129ක් බන්ධනාගාර ගතව සිටි සැකකරු වෙනුවෙන් ජනධිපති නීතිඥ එස්.ටී. ජයනාග මහතා විසින් කුරුණෑගල මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබිණ. එය සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරිය   රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක්  පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ තැන්පත් කිරීමෙන් අනතුරුව සැකකරු මුදාහරින ලෙස නියම කළාය.

සැකකරු ලියූ කෙටිකතාවක් මගින් බෞද්ධ ආගමට අගෞරවයක් වූ බවට බෞද්ධ සංවිධානයක් පොල්ගහවෙල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව, මහෙස්ත්‍රාත් අධිකරණයට පොලිසිය විසින් කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, සැකකරු බන්ධනාගාර ගත කෙරිණ. 2007 අංක 56 දරණ ජාත්‍යාන්තර සම්මුති පනත යටතේ පොලිසිය විසින් කරුණු ඉදිරිපත් කර තිබූ  බැවින්  ඇප ලබාගැනීම සඳහා සැකකරු  කුරුණෑගල මහාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.



අදහස් (4)

ලේඛක ශක්තික සත්කුමාරට ඇප

Bamunuarachchi Monday, 05 August 2019 01:14 PM

මුස්ලිම් ආගමට අපහාස කළ කෙනෙකුට නම් එළියට එනකොටම වැඩ සිද්ද වෙලා. අපිත් ඒ වගේ කරමු.

:       161       141

සෙනෙවිරත්න Monday, 05 August 2019 01:53 PM

කැලේ සිටිනා අලි අල්ලාගෙන දෙපා දම්වැල් දමා බුදුන්ගේ දන්ත ධාතුව වීථිපුරා රැගෙනයාම බුදුන් ජීවමානව සිටියේ නම් අනුමත කරයිද? එමගින් ඵල ලබන්නේ වෙළෙන්ඳන්, යතිවරයන්, නිලමේවරුන් විනා බුදුදහමද..?

:       47       15

BamunuarachchiTuesday, 06 August 2019 02:33 AM

බුදුන්ගේ කාලයේ රා පොවලා අලි එව්වේ බුදුන් මරන්න. අද අලි කරන්නේ බුදුගේ ධාතු කරඩුව උසුලාගෙන යාම ඒ නිසා ඒ ගැන වාද නොකර සිටියොත් ඇඟට ගුණයි නේද?

:       0       31

pradeep Monday, 05 August 2019 02:06 PM

වීරයෙක් වීම සඳහා, සිදුහත් චරිතයටත්, යශෝධරාටත් අවමන් කර පොත ලියා ඇත. මෙවැනි පහත් ගති ඇත්තෝ බුදුන්ටත් නින්දා කරන්නේ තමන් ඊටත් ඉහලින් ඇති බවක් සිතාගෙනද?

:       2       132

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 85 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site