IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන්න ගිය උප සභාපතිධූරය පවිත්‍රා එපා කියයි

(රංජන් කස්තුරි)

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබාදීමට යෝජනා කළ උප සභාපතිධූරය තමා ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

නව කොරෝනා වයිරසය හේතුවෙන් රටේ පවතින වාතාවරණය සැළකිල්ලට ගෙන විදේශගත වීමට තමාට නොහැකි බවද ඇමැතිවරිය කීවාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටුවේ රැස්වීම සඳහා තමාට විදේශ ගත වීමට නොහැකි හෙයින් ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යැවූ බවද ඇමැතිවරිය කීවාය.

ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිවිය යුතු උප සභාපතිධූරය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාට ලැබෙනු ඇතැයි ද ඇමැතිවරිය කීවාය.



අදහස් (30)

ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන්න ගිය උප සභාපතිධූරය පවිත්‍රා එපා කියයි

ලැවොයිසියර් Monday, 03 February 2020 11:55 AM

අපි විශ්වාස කළා.

:       1       86

lalTuesday, 04 February 2020 03:52 AM

ඉංග්‍රිසි පුළුවන් වෙන්න එපැයි කතා කරන්න...

:       0       184

siri Monday, 03 February 2020 12:05 PM

ලැබෙන ගාන මදි ඇති මගේ හිතේ.

:       631       683

Dil PereraMonday, 03 February 2020 02:09 PM

සිරි මහතාණෙනි, දැන්වත් කුහකකම, කඩේ යාම, වංකව සිතීම... වන ඔබ වෙලාගෙන සිටිනා දැලෙන් දැන්වත් එළියට පැමිණ, ප්‍රගතිශීලි දෑ අගය කිරීමත්, වැරදි දේ පහත් කොට සැලකීමටත් සිත ධෛර්ය කරගන්න. නැත්නම්, වන්නේ ඔබවැනි අය රටට පිළිකාවක් වීම පමණි...

:       1015       1159

සනත් ඉතාලිය Monday, 03 February 2020 03:07 PM

සිරී, චතුරි, පිටිගල මිලානො, චාපා, පෙරේරා... මේ ඔක්කොම මානසික ලෙඩ්ඩු බේසමේත් කිඹුල්ලු දකින...

:       150       360

කරුණාපාල Monday, 03 February 2020 03:57 PM

දිල් මැතිතුමාගේ ඔලු ගෙඩිය ගවයෙකුට කිසිසේත් නොදෙවෙනි බව මගේ නම් අදහසයි. ඒ නිසා වැඩිපුර තරහ ගන්න එපා. අඟේ තිබෙන ශක්තියත් හීනවෙයි.

:       358       212

karuMonday, 03 February 2020 04:00 PM

සිරි කියලා තියෙන්නේ ඇත්තනේ. ඔයාට අමාරුවක් තියෙනවද?

:       252       177

Dil PereraMonday, 03 February 2020 05:11 PM

කරුණාපාල සහ කරු මැතිඳුනි, මා දන්නා දෙය නම්, තමන් අනිකුත් දෙනා මනින්නේ... තමාගේ මිම්මෙන්ය. එය ඔබට ගැලපෙන්නේ මෙසේය. දමා ඇති අදහස්වලට අනුව, ඔබ දෙදෙනාම තනතුරක් ලැබුණාම බලන්නේ කොපමණ හොරකම් කළ හැකිද බව පමණි. කරුණාපාල මහතාට අං තට්ටුවක්ද තිබේ.

:       159       185

Nissanka Monday, 03 February 2020 12:06 PM

ඒවාට ගියාම ඉංග්‍රිසියෙන් කතා කරන්න තියෙනවා. මිලියන බිලියන ගණන් ඉලක්කම් කියවන්න තියෙනවා. නොගිහින් ඉන්න එක ඇගට ගුණයි.

:       323       728

surashMonday, 03 February 2020 12:40 PM

ඒ විතරක් නොවෙයි.. ඔය වගේ තැන්වලට බීගෙන යන්න බැහැ. උදේ ඉඳන් රෑ නින්දට යනකම්ම කට ගොන්නක් බීගෙන ඉන්න මෙයාට මොන උප සභාපති කම්ද..? ඕක බොරුවක්... ඔය කියන්නේ මේ තියෙන රැස්වීමට පමණක් බලපාන උප සභාපති කමක් මිසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිකම නොවෙයි.

:       307       638

ramaniMonday, 03 February 2020 06:08 PM

ඔය කතාව නම් සහතික ඇත්ත. මගේ මිතුරියක් මෙයාව හම්බවෙන්න ගියා. ඒ වෙලාවේ මෙයාට කෙලින් ඉන්නවත් බැරිලු. හරි හරි කියලා මොකක්ද පත්වීම් ලිපියක් අත්සන් කරලා දුන්නාලු ලේකම්ට. ඒකෙ මොනවාද තිබුනේ කියලාවත් එයා බැලුවේ නැතිලු...

:       47       246

aselaTuesday, 04 February 2020 01:44 AM

අනේ එහෙම කෙනෙක්ද මෙයා...? මම දැනගෙන හිටියේ නැහැනේ මල්ලි රත්නපුරේ පැත්තේ විස්තර. මේ මිනිස්ට්‍රි එක අපේ සුදර්ශනී මැඩම්ට දෙන්න තිබුණේ.

:       0       1

anura Monday, 03 February 2020 12:26 PM

තමාගේ නුසුදුසුකම තේරුම් අරගෙන ගැලපෙන පුද්ගලයකු යැවීම ගැන සතුටු වෙමි...

:       0       250

Buddika Monday, 03 February 2020 12:51 PM

ආපෝ මෙයා කොහොමද ඒකට හරියන්නේ...? මෙයා හොඳයි බෙරිහන් දෙන්න.

:       1       165

asela Monday, 03 February 2020 12:56 PM

මොනවා වුණත් දත් දොස්තරට වඩා නම් හොඳයි..ඉංග්‍රීසි කතාකරන්න දන්නේ නැතිව ඇති. ඒත් මිනිහෙක්ට කතා කරන්න දන්නවනේ...

:       428       367

සෙනෙවි Monday, 03 February 2020 01:14 PM

ඉංග්‍රීසියෙන් කතා කරන්න වෙන නිසා වෙන්න ඇති...

:       70       65

gunarathnaMonday, 03 February 2020 03:59 PM

මේ ඇමැතිතුමිය ලෝයර් කෙනෙක්. මම නම් හිතන්නේ ඉංග්‍රීසි පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේ විෂය පිළිබඳ දැනුම නැතිබව එතුමිය දන්නා නිසා මේක සුදුසු පුද්ගලයෙකුට දීම තමයි කරලා තියෙන්නේ...

:       64       24

විපරමා Monday, 03 February 2020 01:15 PM

මෙයාට තරම් සුදුසුකම් ඇති කෙනෙක් හිටියේ නැතුව ඇති...

:       18       39

රවින් Monday, 03 February 2020 01:21 PM

බොරු ටෝක්. හරියට සෞඛ්‍ය ගැන දන්නා කෙනෙකුට මිස උඩු යටිකුරු කරන කට්ටියට එතැනට ගිහිල්ලා කරන්න වෙන්නේ දත් තිස්දෙක පෙන්නලා එන්න විතරයි.

:       0       48

lanka Monday, 03 February 2020 01:27 PM

අපේ රටේ හැමකෙනාම මෙයාව ආදර්ශයට අරගෙන ජීවත්වෙනවා නම් මේ රට මෙලහට දියුණුවෙලා ගොඩක් කල්... දැන් ඉඳලාවත් මෙයාව ආදර්ශයට ගමු. මම කියන්නේ කරන්න බැරි දේවල් බාරනොගෙන පුළුවන් කෙනෙක්ට කරන්න දෙමු.

:       6       8

Nuwan Tuesday, 04 February 2020 12:32 AM

හරියට හරි... ලැජ්ජා වෙන්න දේකුත් නෑ..

:       0       1

ජොලි සීයා Monday, 03 February 2020 01:31 PM

අම්මට සිරි ගජ..

:       0       4

කපුරු හාමි Monday, 03 February 2020 01:43 PM

මහින්ද පැරදුණොත් ඉන්නගේත් දෙනවයි කියපු කෙනානේ..., මෙයාගේ කතා විශ්වාස නොකර පුළුවන්ද?

:       0       14

සනත් ඉතාලිය Monday, 03 February 2020 03:13 PM

මෙතුමියත් සමග කට්ටිය හරි හරියට ඉංග්‍රීසියෙන් කතාකරලා වගේ තවකෙනෙකුගේ උගත්කම හොයනවට වඩා තමන්ගේ දැනීම වර්ධනය කරගැනීම වැදගත් කියලයි මට හිතෙන්නේ ..

:       114       2

Raveendra Monday, 03 February 2020 03:16 PM

අනේ මන්දා යෝජනා කළා කියනකොට... කෙසේවෙතත් මෙම ස්ත්‍රිය එම තනතුරට සුදුසුද? නැද්ද? යන්න තමන් විසින්ම තීරණය කිරීම පිළිබඳව අප අගයන්නෙමු...

:       0       34

chandima Monday, 03 February 2020 03:17 PM

එ්ක හොඳයි. අර එක්කෙනෙක් කොරෝනා ‍වෛරසේ ගැන මාධ්‍ය සාකච්ඡා තියලා අනාගන්න යනවා වගේ... ඔය සෞඛ්‍ය සම්මේලනවල ගිහින් උඩබලන් ඉඳලා වැඩක් නැහැ. එහෙම වුණාම ආපසු ඇවිත් මාධ්‍යවලට වුණත් කියන්නේ ආගිය විස්තර, කාපු බීපුවාගේ විස්තර, නැතිනම් අතරමගදී දැකපු දේවල්වල විස්තර. දිගටම ඒ ඒ වැඩ ඒ ඒ අංශවල දැනඋගත් ප්‍රවීණයින්ට කරගෙන යන්න ඉඩ දෙනවා නම්, රට දියුණුවෙයි ඉබේම...

:       0       8

Nimal Monday, 03 February 2020 05:32 PM

"මට කියා දෙන්නකෝ" කියලා ක්‍රම සම්පාදක ඇමති විදියට මෙහෙ පත් කරනකොට චන්ද්‍රිකාට කිව්වාට කාට කියන්නද?

:       0       3

vidya Tuesday, 04 February 2020 01:24 AM

මෙහෙම වෙච්චි එක හොඳයි. මෙයා කට ඇරියොත් වක්කඩක් කඩා ගියා වගේ.

:       0       35

Jayantha Tuesday, 04 February 2020 03:37 AM

ලෝක සංවිධානේ දන්නේ නැතිද? මේ මොලේ හැඳි මිටේ දිගටත් වඩා අඩුයි කියලා...

:       0       1

Amula Tuesday, 04 February 2020 03:46 AM

එකෙක් මාරු වෙනකම් ඉඳලා තියෙන්නේ... හොර කල්ලිය මාරුවෙන් මාරුවට බෙදාගන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 549 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site