IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ලෝක වෙළඳ මධ්‍යස්ථාන නඩුවෙන් පාලනාධිකාරය නිදහස්

මනෝප‍්‍රිය ගුණසේකර 
 
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 06 වැනි මහළේ කාර්යාල කාමරයක් බලහත්කාරයෙන් විවෘත කොට අයුතු ලෙස එහි ඇතුල්වන ලදැයි කියන සිද්ධියකින් ලෝක වෙළ`ද මධ්‍යස්ථානයේ පාලනාධිකාරය මුදාහැරීමට කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියම කළේය.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලෝක වෙළ`ද මධ්‍යස්ථානයේ පාලනාධිකාර සමාගමට එරෙහිව අපරාධ නීතීය යටතේ පියවර ගැනීමට තරම් සාධක නොමැති බවට නීතීපතිවරයා තීරණය කොට ඇතැයි කියමින් ජනාධිපති නීතීඥ චන්දන ලියනපටබැ`දි මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත‍්‍රාත්වරයා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පාලනය කරන  ඕවර්සියර් රියලිටි සිලොන් පෞද්ගලික සමාගම මුදාහැරීමට නියම කළේය.
 
මධුවිත රාජපක්‍ෂ මහතා කොටුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව කොටුව පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කොට තිබිණි.
 
සිද්ධිය පිළිබ`දව අධිකරණයට කරුණු වාර්තා කළ කොටුව පොලිසිය මෙම සිද්ධියේ පැමිණිලිකාර මධුවිත රාජපක්‍ෂ මහතා ලෝක වෙළ`ද මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුනේ  06 වැනි මහලේ කාර්යාල කාමරයක් බදු ගිවිසුමක් යටතේ ලබාගෙන ඇති බවත් එම කාර්යාල කාමරය වසා තිබියදී ලෝක වෙළ`ද මධ්‍යස්ථානයේ පාලනාධිකාර සමාගම විසින් බලහත්කාරයෙන් එම කාර්යාල කාමරය විවෘත කොට එහි තිබු බඩු භාන්ඩ ඉවත් කොට ඇති බවට පැමිණිලි කොට ඇතැයිද දැනුම් දුන්නේය.
 
ලෝක වෙළ`ද මධ්‍යස්ථානයේ පාලනාධිකාර සමාගම වන  ඕවර්සියර් රියලිටි සිලොන් පෞද්ගලික සමාගම වෙනුවෙන් ජනාධිපති නීතීඥ චන්දන ලියනපටබැ`දි මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියේ පැමිණිලිකරු තම සමාගම සමඟ ඇතිකරගත් බදු ගිවිසුමක් මඟින් ලෝක වෙළ`ද මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුනේ 06 වැනි මහලේ කාර්යාල කාමරයක් ලබාගත් නමුත් බදු ගිවිසුමට අනුව පැමිණිලිකරු කටයුතු කොට නොමැති බවත් බදු මුදල් හෝ ගෙවා නැති බවත් දැනුම් දුන්නේය.
 



අදහස් (0)

ලෝක වෙළඳ මධ්‍යස්ථාන නඩුවෙන් පාලනාධිකාරය නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 436 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 456 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site