( ජයන්ත සමරකෝන් )
වැඩිම වත්කමක් හා වැඩිම ජනතා විශ්වාසයක් දිනු ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ සිදු වී ඇති දුෂණ, වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පුර්ණ බලතල ඇති ජනාධිපති විමර්ශන කොමිසන් සභාවක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙය මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසමට සමාන එකක් විය යුතු බවද හෙතෙම පැවසීය.
පුංචි බොරැල්ල වජිරාඝ්‍රමයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා අධ්‍යාපන ඇමතිවෙලා ඉන්න කාලේ මහින්දෝදය පරිඝණක විද්‍යාගාර ඇති කරනවිටදී ඒ හරහා විශාල වශයෙන් මූල්‍ය වංචා සිදුවූ බවට එවකට විපක්ෂයෙන් චෝදනා එල්ලවූ අතර ඒ ගැන සොයා බලන්නත් ජනාධිපති කොමිෂන් සභාවක් පත්කළ යුතුය.
මේ ගොල්ලෝ බලයේ සිටිනවිට කිසිදු ක්‍රමවේදයක් නැතුව (නීත්‍යානුකූල නොවන විදියට) මේ බැංකුවලින් මුදල් අරගෙන තියෙනවා කියලයි ආරංචිය, අනික මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසම තවමත් කල්මරනවා. පසුගිය රජය කරපු බැඳුම්කර හොර ගනුදෙනු සොයා බලන්න. ඇයි ඒ? හරි පුදුමයි, එ්ත් ඇත්තයි. කොටින්ගෙන් අල්ලපු ආයුධ සහ රත්තරන් වලට මොකද වුනේ කියලත් කොමිසන් සභාවක් ඉල්ලන්නකෝ රට වෙනුවෙන්...