ලංකා බැංකුවේ නව සභාපති ලෙස පත්වූ නීතිඥ කාංචන රත්වත්තේ කොළඹ පිහිටි එම බැංකු මූලස්ථානයේ දී අද (2) රාජකාරී ඇරැඹීය.
රාජකාරී ඇරඹීමෙන් පසුව රත්වත්තේ මහතා ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය අමතා අදහස් ද පළ කෙළ්ය.
මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එම පත් කිරීම කරනු ලැබ තිබිණි.
වෘත්තියෙන් නීතිඥවරයකු වන රත්වත්තේ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් නීති උපාධිය ලබාගෙන ඇති අතර අපරාධ, වාණිජ සහ සිවිල් නඩු විශාල සංඛ්‍යාවක් වෙනුවෙන් පෙනී සිට ඇති ප්‍රමුඛ පෙළේ නීතිඥවරයෙකි.
ඔහු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා තත්ත්ව ආයතනයේ සභාපති සහ ලංකා නැව් සංස්ථාවේ සභාපති ධුරය ඇතුළු තනතුරු රැසක් හොබවා ඇත.
හෙතෙම තොරතුරු තාක්ෂණ, මෘදුකාංග සංවර්ධන, සුරැකුම්පත්, රක්ෂණ යන ක්ෂේත්‍රවලට අයත් පෞද්ගලික අංශයේ සමාගම් රැසක් අධ්‍යක්ෂ මණ්ඩලවලද කටයුතු කර ඇත. රත්වත්තේ මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මහ කළමනාකරු සෙනරත් බණ්ඩාර සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ආර්ථික විශේෂඥයෙක්ද?
කම්මනා හෝති බ්‍රාහ්මණෝ! පූර්ව නිගමනවලට නොබැස අපි බලා ඉඳිමු ක්‍රියාවෙන් ඔප්පු කෙරෙනතුරු...
හරි ! වැඩේ කෙරෙයි