(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව මෙම වසර අවසානයේ සිට ‘ලංකා ගෑස්’ නමින් නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොලට සැපයීමට සැළසුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියකු පැවසීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සම්බන්ධ සමාගමක් ලෙස මෙම ගෑස් සමාගම ආරම්භ කරන බවත් මේ වන විටත් සිපෙට්කෝ සතුව ගෑස් ප්‍රමාණයක් තිබෙන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් පිරිපහදුවෙන් අතුරුඵලයක් ලෙස ලැබෙන එල්.පී. ගෑස් ප්‍රමාණය ශ්‍රී ලංකාවේ ගෑස් ඉල්ලුමෙන් සියයට 5 ක් පමණ වන බවත් එම ගෑස් ප්‍රමාණය ප්‍රධාන ගෑස් සමාගම් දෙකට ලබාදීම අත්හිටුවා නව සමාගම හරහා බෙදාහරින බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
අවුරුදු 50කට කළින් අරින්න තිබ්බ කම්පැණියක්... කමක් නැහැ පරක්කු වෙලා හරි මොලේ පෑදිලා...
ඔය ලංකා නමින් පටන් අරන් තියෙන සමාගම් බොහෝමයක් එක පවුලකට යාවෙලා තියෙන්නේ...
අන්තිමේදී ඒ ගෑස් සමාගමේ පාඩුවත් ජනතාව මතටම වැටෙයිද?
මොන සිලින්ඩරය ආවත්, ඕනෑම සිලින්ඩරයකට ගෑස්ගන්න පුලුවන් ක්‍රමවේදයක් හදන්න. දැන් තිබෙන ක්‍රමය හැටියට හැම වර්ගයේම ගෑස් සිලින්ඩර තබාගන්න වෙලා තියෙන්නේ...
හරි !! හුරේ !! බඩු පිටවුණා. රටවැසියාටත් දැන් සාස්තර කියන්න පුලුවන්
ඕකෙ ප්‍රධානියා විදියට පත්කරන්න පවුලේ තවත් අය ඉන්නවාද? මාස දෙකෙන්ම කාබාසිනියා කරලා ඕකේ බරත් අපටමයි. දැන්ම දර ලිපක් හදාගනිමු.. ගෙදර ඉඩ කඩ පිරිමහලා..
‘ලංකා ගෑස්’ කිව්වානම් මේකේ අනිවාර්යෙන්ම තියෙන්නේ වතුර.
කරුණාකර නවත්වන්න. ඔය නටන හැම නාඩගමකම පාඩුව අන්තිමට එන්නේ මහජනයාගේ හිස මතට. එකම තෙල්, එකම මිලට විකුණලා ඉන්දියන් ඔයිල් සමාගම ලාබ ලබද්දී අපිට පාඩුයි. ඉතින් මේකෙන් වෙන්නේ මහජනයාට තව තව පාඩු කරගහන්න.
රජයට අයිති නිසා ඒ සමාගමටත් දේශපාලුවන්ට කඩේ ගිය අය පනස් දාහක් විතර බඳවගමු. පාඩු නිසා වැටුප් මහා භාන්ඩාගාරෙන් ගෙවමු.
තවත් ඒකපාඩු ලබන ආයතනයක් වෙයිද දන්නැ නේද