
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාරවිල මුහුදුකටුව වෙරළ තීරයෙදී ලක්ෂ 70 කට ආසන්න වටිනාකමකින් යුත් කහ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු මාරවිල පොලිසිය අද(10) අලුයම අත් අඩංගුවට ගෙන ඇත.
නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ගෙන ආ බව කියන මෙම කහ තොගය, මුහුදුකටුව වෙරළ තිරයේ සිට ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාදම්පේ,තොඩුවාව හාබරුදැල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසි කියයි.
අදාල කහ තොගය මුහුදුකටුව සිට මීගමුවට රැගෙන යාම සදහා කටයුතු කර ඇති බව පරික්ෂණවලින් අනාවරණය වී තිබේ.
කහ තොගය සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හා ලොරි රථය සමග කහ තොගය මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ට පින්සිදු වෙන්න කහත් දැන් ජාවාරම් කරන්න පුළුවන්....