IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 60 ක මත්කුඩු සමඟ මව-දියණිය ඇතුළු 6ක් අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
 
පිළියන්දල දැල්තර ප්‍රදේශයේදි  නිවසක හෙරොයින් මත් කුඩු පැකට් කරම්න් සිටි මවක් ,  දියණියක්  ඇතුළු  පුද්ගලයින්  6 දෙනකු රුපියල් ලක්ෂ 60 කට අධික හෙරොයින් මත්කුඩු  සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය කියයි.
 
එම සැකකරුවන්  සමඟ මත්කුඩු 500 ක් හා පැකට් කරන ලද  මත්කුඩු  පැකට් 2,000 පොලීසිය බාරයට ගෙන තිබේ.
 
මීට මාස හතරකට පෙරද මෙම මව සහ දියණිය මෙම නිවස මාසිකව රුපියල් 2,500 ක මාසික කුලී පදනම මත ලබාගෙන මෙම මත්කුඩු   පැකටි කිරීමේ ජාවාරමේ නිරතව ඇති බව පොලිසිය කියයි.
 සැකකරුවෝ අද අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (17)

ලක්ෂ 60 ක මත්කුඩු සමඟ මව-දියණිය ඇතුළු 6ක් අත්අඩංගුවට

almeida Sunday, 23 February 2020 04:42 AM

මාළුවා බ්‍රෑන්ඩ් එකද?

:       0       10

mihira Sunday, 23 February 2020 07:00 AM

හැම රජයක්ම වවාගෙන කනවා... මේක ලොකු දඬුවමක් එකපාර දුන්නානම් අායිත් කරන්නේ නැහැ...

:       0       81

anuruddhaSunday, 23 February 2020 11:46 AM

මෙම මිනිස්සු කුලීකරුවන් පමණි. උපරිම දඬුවම් දෙන්න... ඔවුනේ, මේ කුඩු මෙහෙවන කුඩු මුදලාලිලාට... පොලිසියවත්, ආණ්ඩුවවත් කුඩු මුදලාලිලා අල්ලන්න යන්නේ නැහැ...

:       0       161

anuruddha Sunday, 23 February 2020 07:13 AM

අමතක වෙලාවත්, පොලිසිය මේ කුඩු කාගේද කියලා සැකකරුවන්ගෙන් අසාවිද...?

:       0       74

kusal Sunday, 23 February 2020 08:51 AM

මොනවා නැතිවුණත්.. කුඩුකාරයින් නම් එන්න.. එන්නම වැඩිවෙනවා..! මේක තමයි අපේ සිංහල ජාතියේ වඳවීම..!

:       0       85

raviSunday, 23 February 2020 10:03 AM

කොන්ද පණනැති පාලනයක ප්‍රතිඵල. කොටි යුද්දේ අවසාන වුණු දවසේ ඉඳලා දැන් සිංහලයින් සිංහලයින්ට කුඩු යුද්ධයක් ප්‍රකාශ කරලා කියලා හොඳින් පෙනීයනවා.

:       0       162

PadmaMonday, 24 February 2020 04:19 AM

කුඩු ගෙන්වන අයම කොහොමද ඒවා නවත්වන්නේ? අපේ රටට ගිය කලක්... අම්මා දුව එක්ක කරන අපූරු බිස්නස් එක. අබුද්දස්ස කාලේ...

:       0       75

lanka01 Sunday, 23 February 2020 10:16 AM

කොපමණ යුද්ධ ජයගත්තද? ජගතුන් හිටියත් වැඩක් නැහැ. මේ යුද්ධය ජයගත්තේ නැතිනම් ... ඔක්කොම ඉවරයි. මේක තමයි අපේ රට සහ අනාගතය...

:       0       118

කපුරු හාමි Sunday, 23 February 2020 11:10 AM

අපේ රටේ කුඩු ජාවාරම නම් එන්න එන්නම වැඩිවෙනවා මිසක් අඩුවීමක් නම් පේන්න නැහැ. අල්ලන කුඩුවලට මොනවද වෙන්නේ කියලා කවුද දන්නේ? කුඩුවලින් ජනතාව විනාශ කරන අයට නීතියෙන් උපරිම දඬුවම් දියයුතූයි. මේවා පව්කාර වැඩ...

:       0       77

beau Sunday, 23 February 2020 11:14 AM

මේවා නැතිකරන්නේ කොහොමද? පාර්ලිමේන්තුවේ ඉන්න අයත් කුඩු ගහන අය... නැත්නම් කුඩු මේ රටට ආනයනය කරන අය...

:       0       189

විපරමා Sunday, 23 February 2020 01:30 PM

කුඩු ජාවරම් කාරයින්ගේ පිටිපස්සේ ඉන්නේ බලපුලුවන්කාරයෝ, දේසපාලුවෝ. උන් පගාව දීලා කොහොම හරි බේරෙනවා. දේශපාලුවන්ට අතපය දිග හැරලා වියදම් කරනවා. තෝරු, මෝරු බේරෙනවා.. හාල්මැස්සන්, කූනිස්සන් තමයි අහුවෙන්නේ..

:       0       49

sanju Sunday, 23 February 2020 03:11 PM

කුඩු බොන අයයි, විකුණන අයයි ආරක්ෂා කරන්නේ නඩු කාරයොයි, පෙරකදෝරුවොයි, පොලිසියේ අයයි..., කුඩු විකුණන හා ගෙන්වන අයට වඩා ලාභ ලබන්නේ ඒ අයයි...

:       0       48

Wimale Sunday, 23 February 2020 03:54 PM

සම්පූර්ණ වැරැදි වැඩක්... ඔය කුඩු ගහන අයට නිදහසේ එය කරගෙන යන්න ඉඩදෙන්න.

:       0       40

kusalSunday, 23 February 2020 05:24 PM

ඒක තමයි දැන් කරන්න යන්නේ... රටේ ජනතාවට කන්න අඳින්න දෙන්න මුදල් නැහැ. ඔක්කොම හුරාගෙන කාල ඉවරයි. ඔය නීති රීති ලිහිල් කරනවා කියන්නේ ඕකට තමයි. දැන් ඉතින් ඔක්කොටම එකතුවෙලා කුඩු විකුනන්න තමයි වෙන්නේ ...!!!

:       0       9

Kumar Sunday, 23 February 2020 03:57 PM

වැරැදි වැඩක්.... මේ අයට දෙන සහන මදි..

:       0       17

lalithm Monday, 24 February 2020 03:01 AM

මත්වතුර බිස්නස් කරලා පුරුදු මන්ත්‍රී ඇමති ගොල්ල ඉන්න රටක කුඩුත් බිස්නස් එකක් කියල සාධාරනී කරණය කරන එක අමාරු නැහැ. බද්දකුත් ගත්ත නම් වැඩේ සම්පුර්ණයි. ඔහොම යමු.

:       0       49

sampath Wednesday, 26 February 2020 12:08 PM

මෙතන අදහස් දාන අය පිළිබඳව ඉතාමත් කණගාටුයි. ප්‍රවෘත්තියක් පල වූ පමණින් තීන්දු තීරණ ගැනීමට වඩා බුද්ධිමත්ව විශ්ලේෂණය කරන්න.

:       6       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2036 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site