
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 109 ක් සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් ගොකරැල්ල ගල් සේරූ ගොඩැල්ල දී ඊයේ රාත්‍රී ගොකරැල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
ඒවා වලංගු මුදල් වූවා නම් රුපියල් ලක්ෂ පහකට අධික මුදල් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දෙහිඅත්තකණ්ඩිය හා දොඩංගස්ලන්ද ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22 හා 23 පසුවන අයවලුන්ය.
උත්සව සමයේ දී මුදල් භාවිතයේ දී වඩාත් සැලකිලිමත් වන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා මහජනයාට දන්වා සිටී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd