
(යොහාන් භාසුර සහ ටී.කේ.ජී කපිල)
ඉන්දියාවේ කෙටි සංචාරයන් සඳහා ගොස් නැවත පැමිණි මගීන්ගේ ගමන් මලුවල සඟවා ගෙනආ වියලි කහ, එනසාල් සහ ඖෂධ ඇතුලු රුපියල් ලක්‍ෂ 40 ක පමණ වටිනා ආනයන සීමාවන් පනවා ඇති ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගු කටුනායක ගුවන්තොටුවළ නිලධාරීහූ සමත් වූහ.
ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ළඟාවූ ගුවන් යානයක මගීන් 29 දෙනකු පරීක්‍ෂා කිරීමේදී වියලි කහ කිලෝ 362 ක්, කහ කුඩු කිලෝ 110 ක්, එනසාල් කිලෝ 352 ක් සහ ඖෂධ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ බවත් ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සහ ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේ රේගු නිලධාරින් එකතුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත් රේගුව පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයක සිට කරගෙන යනකොට රේගුව ට පෙනුනේ නැතිද ? කිලෝ 300-400 ක් සංචාරකයෙක් ගෙනෙද්දී. අනේ මන්ද. රේගුව කියනවා අපි අහනවා .
මේවා ගිනි තියෙනකන් නින්ද යන එකක් නැහැ. මේවා තමයි දැවෙන ප්‍රශ්න.
දැන් වත් නීතිය ක්‍රියාත්මක වෙන හොදයි. චෙන්නායි ඉදල එනකොට ලංකාවේ කෙනෙක් කියන්ඩත් ලැජ්ජයි. හරියට පිටකොටුවේ බස් එකේ යනවා වගේ. ගුවන් සේවිකාවනුත් අකමැති ගුවන් ගමනක් තමයි මේ. මේ වගේ බොරුවට රට යන එකත්, ඩොලර් නිකන් නාස්ති කරන ව්‍යාපාරක් තමයි.