IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 27 ක ටයිල් සොරාගත් 2ක් අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම බිම් ඇතුරුම් ගල් කර්මාන්ත ශාලාවක ගබඩාවකින්  රුපියල් ලක්ෂ 27 ක්  වටිනා  බිම් ඇතුරුම් ගල් තොගයක් සොරාගත් , පුද්ගලයින් දෙදෙනකු , අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිංකෙත පාර ප්‍රදේශයේ පදිංචි  "ධම්මා" සහ තවත් පුද්ගලයකු බව පොලීසිය කියයි.

විදේශ රටවලින් මෙරටට ආනයනය කරන බිම් ඇතුරුම් ගල් සහ මෙරට කළු ගල් ඔප දමා නිෂ්පාදනය කරන බිම් ඇතුරුම් ගල් ගබඩා කර තිබූ, හෝමාගම ගැමුණු මාවත  ප්‍රදේශයේ ගබඩාවකින්, මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් මාසයේ අවස්ථා කිහිපයකදී  රුපියල් ලක්ෂ 27 කට ආසන්න ටයිල් තොගයක් සොරාගෙන තිබුණි .

ඒ අනුව ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කරමින් සිටියදී , ඉතා වටිනා බිම් ඇතුරුම් ගල් තොගයක් ඉතා අඩු මිලට විකුණන බවට  බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබූණි .

ඒ අනුව එම බිම් ඇතුරුම් ගල් අලෙවිකළ බව පැවසෙන පුද්ගලයින් දෙදෙනෙකු හෝමාගම පිංකෙත පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සොරාගත් බිම් ඇතුරුම් ගල් 190 ස්ථාන පහකට  අලෙවි කර තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි .

රුපියල් 10.000  පමණ වටිනා බිම් ඇතුරුම් ගල් අලෙවි කර තිබුණේ රුපියල් 1000 වැනි සුළු මුදලකට  බවත් රුපියල් 8000 බිම් ඇතුරුම් ගල් අලෙවි කර තිබුණේ රුපියල් 500 බවත් මේ තුළින්  උපයාගත් මුදලින් සැකකරුවන් දෙදෙනා හෙරොයින් පානය කර ඇති බවත් පොලිසිය කියයි .

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස්  පරීක්ෂක  ප්‍රේමලාල් මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් , පො.සැ (58226) රාජපක්ෂ , පො.කො (21072) මාෂල් , (79159) ප්‍රනාන්දු , (83795) හරිස්චන්ද්‍ර , සහ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ  වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

ලක්ෂ 27 ක ටයිල් සොරාගත් 2ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site