IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ලක්ෂ 20 ක ගංජා ගෙන ගිය අයෙක් අත්අඩංගුවට

(ඩී.කේ.රත්න)

රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ ග‍්‍රෑම් 68 ක් කැබ් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද (20) තණමල්විල කහකුරුල්ලන්පැලැස්ස දී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ගැනුම්කරුවකුට අලෙවි කිරීම සඳහා මෙම පුද්ගලයා මෙම ගංජා තොගය බොලේරෝ වර්ගයේ කැබ් රථයකින් ප‍්‍රවාහනය කිරීමේදී කැබ් රථයත් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායට කොටුවී ඇත.

තණමල්විල කහකුරුල්ලන්පැලැස්ස ප‍්‍රදේශයේ පුද්ගලයකු ගංජා තොගයක් ප‍්‍රවාහනය කරන බවට සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා ගංජා සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා ගංජා තොගය සහ කැබ් රථය සමග තණමල්විල පොලීසියට බාරදී තිබේ.

සැකකරු වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.  

 



අදහස් (0)

ලක්ෂ 20 ක ගංජා ගෙන ගිය අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 36 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1000 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site