IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලක්ෂ 15 බිඩී සමඟ දෙදෙනෙක් අල්ලති

 

(එස්. ඩි .කොඩිකාර සහ  එන්. කේ. ඉන්ද්‍රවංශ )

බලපත්‍ර රහිතව ව්‍යාජ වෙළඳ නාමයක් යොදා ගෙන රුපියල් ලක්ෂ 15 කට අධික වටිනාකමින් යුත් බීඩි නිෂ්පාදනය කළ අයෙකු සහ ඒවා අලෙවි කිරීම සඳහා ළඟ  තබාගත් ව්‍යාපාරිකයකු  බීඩි 215,700 ක් සමඟ අද (17) අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අකුරැස්ස, පෝරඹ  ප්‍රදේශයේ පදිංචි (47) හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු වෙනත් බීඩි සමාගමක නමකට සමාන ව්‍යාජ නමක් යොදාගෙන මෙම බීඩි නිෂ්පාදනය කරන බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇති අතර ඔහුගේ නිවසේ තිබියදී  බීඩි  තොගයෙන් කොටසක් හමු වූ බව පොලීසිය කියයි .

අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා (50) හැවිරිදි අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන අතර ඔහුගේ වෙළඳසැලේ තිබියදී  අනෙක් බීඩි තොගය සොයා ගත් බව පොලිසිය කියයි.

බලපත්‍ර රහිතව ව්‍යාජ නමකින් බීඩි  නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන බවට අකුරැස්ස පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (17) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත  ය.

 



අදහස් (0)

ලක්ෂ 15 බිඩී සමඟ දෙදෙනෙක් අල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site