(කේ. බුද්ධික කුමාරසිරි සහ එච්.එස්.ඒ. නන්දන)

 
තුම්මෝදර ජලාශ රක්ෂිතයේ වල්ලපට්ටා ජාවාරමක නිරත වූ තිදෙනෙකු ලක්ෂයකට වඩා වටිනාකමින් යුතු වල්ලපට්ට කිලෝ එකක් සමඟ අද(08) අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.
 
මෙම තිදෙනා ද ඇතුළුව, විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 22දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය කියයි.
 
කේරල ගංජා ග්‍රෑම් 51 ක්, ජංගම දුරකතන 5 ක්ද සැකකරුවන් සතුව තිබී සොයාගැනිනි.

හංවැල්ල පොලිස් බල ප්‍රදේශය තුළ කළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.  
 
 අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් 22 දෙනා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.